22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ETI සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ජනපති කොමිසමෙන් නිර්දේශ

ETI සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ජනපති කොමිසමෙන් නිර්දේශ

EAP බ්‍රෝඩ්කාස්ටින් ආයතනය ඇතුළුව එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම් සමූහයට අයත් දේපළ විකිනීම සිදුව ඇත්තේ නීතිවිරෝධීව ආකාරයට බව එම සමාගමේ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව එම දේපළ රජයට පවරා ගැනීමටත්, හිමිකරුවන් වූ එදිරිසිංහ පවුලට එරෙහිව අපරාධ නීතිය යටතේ නෛතිකව කටයුතු කිරීමේ හැකියාව ඇති බවත් කොමිසම වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

එම සමාගම සතුව තිබූ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය විදේශ සමාගම් කිහිපයකට විකිනීම සිදුව ඇත්තේ මෙරට නීතියට පටහැනිවද යන කාරණය සම්බන්ධයෙන් සොයාබැලීම ද එම කොමිසමට පැවරී තිබුණි.

කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments