හඟුරන්කෙත, විමල්පුර ප්‍රදේශයේ පදිංචි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (07) රාත්‍රීයේ තහවුරු වී තිබේ.
පසුගිය 4 වන දා නිවාඩු ලබා හඟුරන්කෙත නිවසට ගොස් සිටි අදාළ පුද්ගලයා ඊයේ රාත්‍රියේම අයි.ඩී.එච්. රෝහලට යොමු කර තිබේ.
අප වාර්තාකරු පැවසුවේ ඔහුගේ සමීපතමයන් 20 දෙනෙකු රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇති බවය.
එම පිරිස අතර හඟුරන්කෙත පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකු ද සිටින බව වාර්තා වේ