ලෝක වෙළෙඳපොළ සලකා බලමින් ගෑස් මිළ වැඩි කිරීමට මෙරට ගෑස් සමාගම් ඉල්ලුම් කර ඇති නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවම පිරිවැයක් දරමින් ජනතාවට සිය ගෑස් නිෂ්පාදන ලබා දීම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත් ඒ අනුව තම සභාපතිත්වය යටතේ වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර, උදය ගම්මන්පිළ, කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත කැබිනට් අනුකාරක සභාවක් විසින් ඍජුවම මෙම ගෑස් මිළ අවම මිළකට පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට නියමිතයි.
එමෙන්ම ලෝක වෙළෙඳපොළේ ඉහළ යමින් පවතින මිළ ගණන් හමුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා වන පිරිවැයත්, එමෙන්ම කොවිඩ් 19 පැතිරීමේ අවදානම හමුවේ සමහර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් නැව් ගමන් කෙරෙන නාවික ගමන් මාර්ග වෙනස් කිරීම තුළ මෙරටට භාණ්ඩ ආනයනය කරනු ලබන ඍජු ආනයනකරුවන් විශාල ගැටලු රැසකට මුහුණ පා සිටිනවා. මේ හේතුවෙන් ඔවුන් සමඟ සාකච්ඡා කොට මිළ වැඩි වීමක් අවශ්‍ය වන භාණ්ඩ තෝරාගෙන එම භාණ්ඩ මිළ අවම මිළ ගණන් යටතේ පවත්වා ගැනීමට අවශ්‍යම ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය වෙනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(17) ඔරුගොඩවත්ත සතොස තොග ගබඩා සංකීර්ණය තුළ, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මළු බෙදාහැරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහ එක් වුණු අවස්ථාවේදීය.
එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය…….. සමස්ත ලෝකයේම සැපයුම් ජාලය සඳහා වන පිරිවැය සියයට තුන්සියයකින් පමණ වැඩි වී ඇති මෙම අවස්ථාවේදී මෙරට ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයකින් තොරව හා අවම මිළ ගණන් යටතේ පවත්වා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වත්මන් රජය කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව කොවිඩ් 19න් වැඩිම බලපෑමක් ඇතිවූ කොළඹ දිස්ත්‍රි ක්කයේ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මලු ලබා දීම සඳහා නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගය සඳහා සතොස ආයතනය වෙත අදාළ භාණ්ඩ ඇණවුම් ලැබී ඇති තිබෙනවා, ඒ අනුව ඔරුගොඩවත්ත සතොස තොග ගබඩාව තුළ මේ වන විට එම ඇණවුමට අදාළ සහන මලු ප්‍රමාණය සකස් වෙමින් පවතිනවා.
මෙහිදී ගෑස් මිළ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,
එමෙන්ම සියළුම අත්‍යාවශ්‍යම ආහාර ද්‍රව්‍ය ගෙන්වීම සඳහා එම ආනයනකරුවන් වෙත අවශ්ය පහසුකම් සලසා ඇති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා මෙම අවස්ථාවේදී ලෝක ආර්ථික අර්බුදය, භාණ්ඩ සැපයුම් ක්‍රියාවලියේ අර්බුදය වැනි අතිශය සංකීර්ණ තත්වයන් සඳහා මුහුණ පාන රටක් වශයෙන් මෙරට වෙළෙඳපොල තුළ හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය භාණ්ඩ පවත්වා ගැනීමටත්, පාරිභෝගිකයාට කිසිදු බලපෑමක් ඇති නොවන අයුරින් මිළ පවත්වා ගැනීමටත් රජය දැඩි උත්සාහයක නිරත වන බවත් අමාත්යපවරයා මෙහිදී පැහැදිලි කළේය.
මෙම නිරීක්ෂණ කටයුතු සඳහා සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.