විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඔහු 60% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති බවයි.
ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් මිලියන 59 ක් අතුරින් මිලියන 28 ඉක්මවූ සංඛ්‍යාවක් මෙවර ඡන්දය ප්‍රකාශ කර තිබිණ.
අමෙරිකාව සම්බාධක පනවා ඇති 60 හැවිරිදි ඊබ්‍රාහිම් රයිසිගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක වූයේ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනීගේ ප්‍රධානත්වයෙනි.
ඔහු සිය මැතිවරණ ව්‍යාපාරය තුළදී සවිස්තරාත්මක දේශපාලන හෝ ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත් කර නොතිබිණ.
එහෙත්, ඉරාන න්‍යෂ්ඨික ගිවිසුම යළි බලාත්මක කිරීමට කැප වන බව ඔහු අවස්ථා කිහිපයකදීම මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කර තිබිණ.