ඉන්දියාව සිය සමුද්‍රීය ආරක්ෂාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා අමෙරිකාවෙන් නවීන තාක්ෂණික යුද උපකරණ මිලදී ගැනීමට පියවර ගෙන තිබේ.
අමෙරිකානු ඩොලර් බිලියන 3 ක වියදමින් ඇමරිකාවේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා 30 ක් මිලදී ගැනීමට ඉන්දියාව සූදානම් වන බව වාර්තා වූයේ පසුගිය මාර්තු මාසයේදීයි.
මෙම ඩ්‍රෝන යානා 30 සමග අතිනවීන නිරීක්ෂණ හා මෙහෙයුම් පද්ධතියකින් ස්ථාපනය කිරීමට ඉන්දියාව මේ වනවිට පියවර ගනිමින් සිටී.
ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේ, එම්කිව් නයින් බී. මුහුදු ආරක්ෂණ ඩ්‍රෝන යානා මිලදී ගැනීමට ඉන්දියාව සූදානම් වන බවයි.
සබ්මැරීන් විනාශ කිරීමේ ප්‍රහාරක හැකියාව හා සමුද්‍රීය නිරීක්ෂණ කටයුතු සඳහා වන අතිනවීන තාක්ෂණික පහසුකම් මේ ඩ්‍රෝන යානය සතුයි.
මෙම යානයක උපරිම ගුවන් ගමන් බර ටොන් 5.6 ඉක්මවන අතර පැය 40 කට වඩා වැඩි කාලයක් ගුවනේ රැඳී සිටීමේ හැකියාව ද සතු ය.
වයිස් අද්මිරාල් ජී.අශෝක් කුමාර් : – එම්කියු නයින් බී.සී. ගාඩියන් යානා ලබාගැනීමෙන් අපට වැඩි වෙලාවක් ගුවනේ රැදෙන්න පුලුවන්.ඒ මගින් අපි ආවරණය කරන ප්‍රමාණය සහ කාලයත් වැඩි කරගන්න පුලුවන්.ඉන්දීය සාගර කලාපයේ විශාල ප්‍රමාණයක් අපිට නිරීක්ෂණය කරන්න ඒ මගින් හැකියාව ලැබෙනවා.මේ පද්ධතිය මගින් සැකකටයුතු යාත්‍රා පිළිබදව අපගේ අවධානය යොමුකරන්න පුලුවන්.මේ සම්පත ලැබීම පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා.-
ප්‍රශ්නය : – ඔබ සැකකටයුතු යාත්‍රා කියන්නේ චීන යාත්‍රා පිළිබඳව ද?
වයිස් අද්මිරාල් ජී.අශෝක් කුමාර් : – සියලුම දේවල්. ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගල්දේශයේ හෝ වෙනත් රටක.චීනය, ජපානය, ඇමරිකාව වගේ රටවල් ඔවුන් අසාමාන්‍ය කටයුත්තක නිරතවෙනවා නම් ඒ පිළිබඳව අපගේ කලාපයේ දැනුවත්භාවය වැඩිකරගන්න මේ මගින් හැකියාව ලැබෙනවා.
ප්‍රශ්නය : – අනාගතයේදී යානා 30 ක් එන්න තියෙනවා.චීන ක්‍රියාකාරකම් හමුවේ අපේ මුහුදේ ආරක්ෂාව තහවුරු කරගැනීමට මේවා උපකාරී වෙනවද?
වයිස් අද්මිරාල් ජී.අශෝක් කුමාර් : – මේ ප්‍රශ්නයට පිළිතුරු දෙද්දි මම කියන්න කැමතියි. නාවික හමුදාව නිර්මාණය කරලා තියෙන්නේ අපේ සමුද්‍රීය අවශ්‍යතා මත එය සුරක්ෂිත කිරීමට.එම නිසා මෙය අපිට ඉතාමත් වැදගත්. අයි.එෆ්.සී.අයි.ඕ.ආර් නමින් අපි නව ඒකකයක් ආරම්භ කර තිබෙනවා. එමගින් අපගේ මුහුදු කලාපයේ අසල්වැසියන් හා පාර්ශ්ව සමග විවිධ එකඟතාවලට එක්වී පරිපූර්ණ සමුද්‍ර ආරක්ෂක තොරතුරු පද්ධතියක් ඇතිකර ගැනීමට හැකියාව ලැබෙනවා. මේ මගින් හොඳ අය අපිට හඳුනා ගන්න ලැබීම මගින් නරක පිරිස පහසුවෙන් හඳුනා ගැනීමට අපට අවස්ථාව ලැබෙනවා.
ශ්‍රී ලංකාව තුළ චීනය ක්‍රියාත්මක කර ඇති වරාය ව්‍යපෘතිය කලාපයේ ඉන්දීය අභිලාසයන්ට තර්ජනයක්වීමට ඉඩ ඇති බව ද වයිස් අද්මිරාල් ජී.අශෝක් කුමාර් මහතා පවසයි.
මෙය අපිට තර්ජනයක් ද නැද්ද යන්න අපි විශ්ලේෂණය කර බැලිය යුතුයි. ඒක අසීරු කාර්යයක්. නමුත් මම එය මේ විදිහට කියන්නම්. මෙම කලාපයෙන් බාහිර පාර්ශ්වයක් මේ කලාපය පිළිබඳව දැඩි උනන්දුවක් දක්වනවා නම් ඔවුන්ට එසේ උනන්දුවීමට සාධාරණ හේතු ඇති. බලශක්ති ප්‍රභවයන් ගණනාවක් ඉන්දියානු සාගර කලාපයේ යාත්‍රාකරන නැව් හරහා හුවමාරුවෙනවා වාර්ෂිකව. උතුරු අරාබි මුහුදේ බහුජාතික හමුදාවලට අයත් නෞකා 80 ක් පමණ තමන්ගේ රටවල අවශ්‍යතා සපුරා ගැනීමට යොදවා තිබෙනවා. එය සාමාන්‍ය දෙයක්. නමුත් එය අපට තර්ජනයක් එල්ල කළ හැකියි.ඒ පිළිබඳව අපි අවධානයෙන් සිටිය යුතුයි. ඒ නිසා අපි එය ඉතා සමීපව නිරීක්ෂණය කරනවා