23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් ඇති කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට.

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් ඇති කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට.

කොළඹ උතුර කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකය මෝදර ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 21ක් සමග 25 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවයි.

අදාළ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මීට අමතරව කොළඹ උතුර කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී ද හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 14ක් සමග 59 හැවිරිදි තවත් කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසුවේ, හෙරොයින් ජාවාරමෙන් ඉපයූ බවට විශ්වාස කෙරෙන ලක්ෂ 3කට ආසන්න මුදලක් ඇය සන්තකයේ තිබී පොලීසිය භාරයට ගෙන ඇති බවයි.

මේ අතර කොළඹ අපරාධ කොට්ඨාසය දෙමටගොඩ ප්‍රදේශයේ කළ වැටලිමකදි ගංජා කිලෝ 4ක් සමග 24 හැවිරි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති මුදල රුපියල් ලක්ෂ 55කට ආසන්න බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු වේ නම්, 1997 අංකයට දැනුම් දෙන ලෙසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments