නාගරික වීදි ආසන්නයේ සහ ප්‍රසිද්ධ පුද බිම් ආශ්‍රිතව විවිධ දෑ අලෙවිකරණ ළමයින් අපට බොහෝ ලෙස හමුවෙනවා.
ඒ ළමයින් මෙසේ මුදල් ඉපයීමේ කටයුතුවලට යොදා ගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගනිමින් ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කළ යුතුයි. මෙම සුළු වෙළදාම් කටයුතු වලට ළමයින්ව ඇබ්බැහි කර ඇති බව තොරතුරුවලින් හෙළිදරව් වී තිබෙනවා. එම නිසා වීදි වල සැරිසරන මෙම ළමුන් පිළිබඳව නිරන්තර වැටලීම් සහ විමර්ශන කළ යුතුයි.
ළමා ශ්‍රමයට හේතුව දෙමාපියන්ගේ දුප්පත්කම ලෙස සමහරු අර්ථ නිරූපණය කළත්, සමහර දෙමව්පියන් බාල වයස්කාර දරුවන් රැකියාවෙහි යෙදවීම, මුදල් ඉපයීමට යොදා ගැනීම නීති විරෝධී වේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දෙමව්පියන් ඒ අතරින් විශේෂයි.අද මහමඟ යනවිට අපිට එවැනි දරුවන් ඕන තරම් දකින්න පුළුවන්.ඒ විදිහට ළමයි යොදාගෙන අම්මා තාත්තා වුවත් සල්ලි හම්බ කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට නීති ගෙන එන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ළමයින් ආදායම් උත්පාදන මාර්ග ලෙස යොදා ගැනීම සහ ළමා ශ්‍රමය අපේ රටේ සම්පූර්ණයෙන්ම පිටුදැකීම සඳහා ජාතික වැඩ පිළිවෙළක් සැකසීම සඳහා සියලු අදාල ආයතන ඒකරාශී විය යුතු බව අමාත්යකවරයා ප්‍රකාශ කළේ ඉකුත්(30) කම්කරු අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.
ජාත්‍යාන්තර කම්කරු සංවිධානය,එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල , සමෘද්ධි අමාත්‍යාංශය,කම්කරු දෙපාර්තමේන්තුව ,පරිවාස ළමා රක්ෂක දෙපාර්තමේන්තුව,ළමාරක්ෂක අධිකාරිය ,ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව යන අය ආයතන වල නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක් වූ අතර සියලු රාජ්‍ය ආයතන එක්ව මෙම ජාතික ඉලක්කය ජය ගැනීම සඳහා කටයුතු කළ යුතු බව මෙහි දී කියැවිණි.
එහි දී තව දුරටත් අදහස් දැක් වූ කම්කරු අමාත්‍යවරයා මෙසේද කීය………එ.ජා.සංවිධානය මේ වසරළමා ශ්‍රමය පිටුදැකීමේ වර්ශය ලෙස නම් කර ඇත.ශ්‍රී ලංකාව ද එම සම්මුතීන් අනුමත කර ඇති නිසා ඒ ඒ ඉලක්කය ශ්‍රී ලංකාවේ ජය ගැනීමට කටයුතු කිරීම අපේ රජයේ අරමුණයි.
කෝවිඩ් වසංගතය නිසා පහුගිය කාලයේ ළමයින් ශ්‍රමිකයන් ලෙස විවිධ වෘත්තීන් හි යොදා ගැනීමේ ප්‍රවණතාවය වැඩි වී ඇතැයි වාර්තා වේ.
ළමා ශ්‍රමය යොදා ගැනීම මෙන්ම ළමයින් යොදාගෙන මුදල් ඉපයීමේ ජාවාරම් ද වැළැක්වීම සඳහා ළමා හා කම්කරු නීති අණපනත් වෙනස් කළ යුතුයි .විශේෂයෙන් කාන්තා, තරුණ හා ළමා රැකියා පනත යටතේ ඇති අන්තරාකාරි වෘත්තීය රෙගුලාසි සමාලෝචනය කිරීමට කාලය එළැඹ තිබෙනවා.
ඒ සඳහා කළ යුතු පනත් සංශෝධන පිළිබඳ යෝජනා තමන්ට ලබාදෙන ලෙස පැමිණ සිටි නියෝජිතයන් ගෙන් ඉල්ලා සිටියේය.
මේ වන විට අපේ රටේ ළමා ශ්‍රමය ඉතාමත් අවම මට්ටමක පවතින බවත්,ළමා ශ්‍රමය මේ රටින් තුරන් කිරීම අපගේ ප්‍රධාන ඉලක්කය යුතුයි. අපේ රටේ ළමා ශ්‍රමය ජනගහනයෙන් සියයට එකක්වත් නැතත් ළමා ශ්‍රමිකයන් ගැන කතා කරන රාජ්‍ය නොවන සංවිධාන තවමත් බොහෝ තිබෙනවා.
පුද්ගලයෙකු සේවයේ යෙදිය හැකි අවම වයස අවුරුදු 14 සිට 16 ඉහළ නැංවීමට අදාළව ඇමතිවරයා කර පනත් සංශෝධනය මෙහි දි ලෝක කම්කරු සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත සිම්රින් සිංග් මහත්මියගේ පැසසුමට ලක් වූවාය.
එසේම ළමයින් ශ්‍රමිකයන් ලෙස යොදා ගන්නා පවුල්වල දෙමාපියන් හෝ රැකවල්කරුවන් සඳහා සමෘද්ධි ව්‍යාපාරය මැදිහත්ව ඔවුන් ආර්ථික වශයෙන් ගොඩ ගැනීම කළ යුතුයි. එසේම සමෘද්ධි වැඩ සටහන මේ සඳහා පූර්ණ වශයෙන් යොදාගෙන මෙම ළමා ශ්‍රමිකයන් පිළිබඳ සමීක්ෂණය කළ යුතු බවත්, සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමේ දී එම පවුල්වල දරුවන් ළමා ශ්‍රමිකයන් ලෙස යොදා ගන්නේ ද යන්න සොයා බලා ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුය.
ළමා ශ්‍රමය පිළිබඳ හැමදාමත් සමීක්ෂණ කරමින් සිටීම ප්‍රයෝජනයක් නැහැ. එම දරුවන් ඉන් ගලවා ගැනීම සඳහා වන පුළුල් ජාතික වැඩසටහනක් සකස් කළ යුතුයි.
මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද ලෝක කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සිම්රින් සිංග් මෙනවිය ද ළමා ආරක්ෂක අධිකාරිය සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ද මෙහි දී අදහස් දැක් වූහ.