29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වැරැදි කරන පොලිස් නිලධාරින්ට වැඩවරදියි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ...

වැරැදි කරන පොලිස් නිලධාරින්ට වැඩවරදියි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා

විමර්ශන පවත්වා විනයානුකූල පියවර ගැනීමට පොලිසිය තීරණය කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා ප්‍රකාශ කරයි.

පසුගිය දින දෙකක කාල පරිච්ඡේදය තුල ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් කරන ලද විවිධ විනය විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් වාර්තා වුණා.

එහිදි නෙළුව ප්‍රදේශයේදී දැරියකට අතවර කිරීම, පොලිස් බස්රථවලින් ඉන්ධන ලබාගැනීම හා වරකාපොළ ප්‍රදේශයේදී සිදුවු යම් සිද්ධියක් සම්බන්ධයෙන් අදාල පොලිස් නිලධාරීන් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා අවශ්‍ය විමර්ශන සිදුකිරීමෙන් පසුව. ඒ වගේම ඔවුන්ගේ වැඩ තහනම් කර තිබෙනවා.
කෙසේ වෙතත් දිගින් දිගටම අතළොස්සක් නිලධාරීන් සිදුකරන මෙම වැරැකි ක්‍රියා නිසා සමස්ත පොලිසියේම කීර්තිනාමයට හානි වෙනවා. නමුත් සමස්ත පොලිස් නිලධාරින් මේ ක්‍රියා අනුමත නොකරන අතර එවැනි ක්‍රියවාල යෙදෙන අය නොවේ.
ඉදිරියේදී මෙවැනි නිලධාරින් හා ඔවුන් අධීක්ෂණය කරන නිලධාරින් එම පොලිස් ස්ථානවල සිටින ප්‍රධාන නිලධාරීන් දැඩි නීති හා විනය සම්බන්ධයෙන් ක්‍රියා ගන්නා බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති රියඅද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාවෙත උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව මෙම විනය විරෝධි ක්‍රියා කරන නිලධාරින් පමණක් නොවේ ඔවුන් අධීක්ෂණය කරන නිලධාරීන් ට එරෙහිවත් විශේෂ විමර්ශන පවත්වා විනයානුකූල පියවර ගැනීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

පොලිස් නිලධාරින් බහුතර පොලිසියේ ගෞරවය ආරක්ෂා කිරීම ඇප කැපවී වෙහෙස මහන්සියෙන් කටයුතු කරනවා. ඔවුන් අනගි මෙහයක් මේ රටට ඉටුකරනවා. එහිදි වැරැදි කරන නිලධාරින් පොලිස් සේවයෙන් ඉවත් කිරීමටත් පියවර ගන්නවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments