26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පුරාවස්තු විනාශ කළ පුද්ගලයින් ගැන 1997ට දැනුම් දෙන්න.ජ්‍යෙෂ්ඨ...

පුරාවස්තු විනාශ කළ පුද්ගලයින් ගැන 1997ට දැනුම් දෙන්න.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහන මහතා

පුරාවස්තු හා එම ස්ථාන විනාශ කළ කැණීම් කළ නිධන් හෑරු පුද්ගලයින් මේවනවිට 365ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මේ සම්බන්ධයෙන් පොලිසිය නිරන්තර අවධියෙන් සිටින අතර ජනතාවට මේ පිළිබඳ තොරතුරක් ඇතොත් 1997ට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
නිරෝධයනය හා මත්ද්‍රව්‍ය,පරිසර වගේම පුරාවස්තු කැණීම් පිළිබඳ වැටලීම් පොලිසිය මේදිනවල සිදුකරනවා. ඉකුත් වසරේ මෙවැනි කැණීම් 44ක් වාර්තා වෙනවා. ඒ සඳහා 207 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වසරේ මුල් මාස හතර තුල පමණක් එවැනි සිදුවීම් 37ක් වාර්තාවෙනවා. පුරාවස්තු තිබෙන ස්ථාන විනාශ කිරීම, නිධන් හෑරීම හා එවැනි ස්ථාන වලට අලාභ හානි කිරීම. ඒ සම්බන්ධයෙන් 158 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙවැනි ක්‍රියාකාරකම් වැඩිපුර සිදුවි ඇත්තේ උතුරු නැඟෙනහිර පළාත්වලයි.ඊට අමතරව උතුරු මැද පළාතේ මෙවැනි සිදුවීම් බහුලව වාර්තාවි තිබෙනවා. ඒ අනුව විශේෂයෙන් පුරාවස්තු විනාශය, වනාන්තර විනාශය පොලිසියේ අවධානය නිරන්තරයෙන් තිබෙනවා.

ඔබට මේ සම්බන්ධයෙන් තොරතුරක් ඇතොත් 1997ට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් පොලිසිය දැඩිව ක්‍රියාකරන බව කිව යුතුයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments