29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වයස අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය හරහා විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට සැකකරුවන් හා...

වයස අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය හරහා විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට සැකකරුවන් හා සැකකාරියන් 26ක් පමණ අත්අඩංගුවට තවත් 16ක් සොයා පරීක්ෂණ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති නීතිඥ අජිත් රෝහන මහතා

වයස අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය හරහා විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට සැකකරුවන් හා සැකකාරියන් 26ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති නීතිඥ අජිත් රෝහන මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 16 දෙනකු සොයා පරීක්ෂණ පැවැත්වේ.

මෙම විමර්ශනය මුලින්ම ආරම්භ කෙළේ ගල්කිස්ස පොලිසිය මගින් පසුවය එය ළමා හා කාන්තා කාර්යාංශය වෙත භාරදෙනු ලැබුවා.
ඒ අනුව සැකකාරියන් දෙදෙනකු හා සැකකුරවන් විසිහතර දෙනකු අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර තිබෙනවා. මේ සිදුවීම සම්බන්දයෙන තවදුරටත් විමර්ශන කටයුතු කරනු ලැබුවා. මෙහිදි මේ දැරිය අලෙවි කිරීම සඳහා වෙළඳදැන්වීම සකස් කළ පුද්ගලයාද අත්අඩංගුවට ගනු ලැබුවා.www.lanka.adds.com නැමැති වෙඩ් අඩවියේ. එම වෙබ් අඩවිය අයිතිකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම එහි මුදල් පාලක අත්අඩංගුවට ගනු ලැබුවා.එම අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිඝණක අංශය විසින්. ඒ අනුව ගල්කිස්ස පොලිස්ථානයේ කාන්තා ළමා කාර්යාංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද මීට සහය ලබාදෙනවා. තවත් පුද්ගලයින් 16 දෙනකු සොයා විමර්ශන පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා පොලිසියේ සියලුම අපරාධ විමර්ශන අංශ හා සයිබර් අපරාධ අංශ ඒකාබද්ධ විමර්ශනයක් සිදුකරනවා. තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments