රාජ්‍ය සම්පත් විකුණන්නේ නැති බව ප්‍රකාශ කරමින් බලයට පැමිණි ආණ්ඩුව මේ වනවිට කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් පවර්හී 51 % ක කොටස් හිමිකාරිත්වය එක්සත් ජනපදයට අයිති සමාගමකට විකිණීමට රජය සැලසුම් කර ඇති බවත් දැනට මෙහි අයිතියෙන් 51 % ක් රජයටත්, 27% ක් EPF එකටත්, 18% ක් ලෙකෝ සමාගමටත් ඉතිරිය LTL එකටත් අයිතිව පවතින අතර මෙම අයිතිය ලාභය බෙදී යාම ඒ ආකාරයටම සිදුවනවාද ? එසේත් නැතිනම් කුමක් සිදුවන්නේද කියා රජය වහා රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
රජයට මුදල් නැති නිසා මෙලෙස රාජ්‍ය සම්පත් විකුණා දැමීමට කටයුතු කිරීමෙන් රට මහා අර්බුධයකට තල්ලු විය හැකි බව හෙතෙම අවධාරණය කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (05) දින පැවැති මාධ්ය් හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ වජිර අබේවර්ධන මහතා තවදුරටත් මෙසේද කීය.
කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් පවර්හී 51 % ක කොටස් හිමිකාරිත්වය එක්සත් ජනපදයකට අයිති සමාගමකට විකිණීමට රජය සැලසුම් කර ඇති බව මාධ්ය5 වාර්ථා කරයි. දැනට මෙහි අයිතියෙන් 51 % ක් රජයටත්, 27% ක් EPF එකටත්, 18% ක් ලෙකෝ සමාගමටත් ඉතිරිය LTL එකටත් අයිතිව පවතින අතර මෙම අයිතිය ලාභය බෙදී යාම ඒ ආකාරයටම සිදුවනවාද ? කුමක්ද සිදුවන්නේ කියා රටේ ජනතාව දැනගත යුතයි.
වර්තමාන පාලකයින් බලයට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරමිනි. ඉන් ප්රඅධාන චෝදනාවක් තමයි අපි දේපොළ විකුණනවා කියලා. නමුත් දේපොළ විකුණපු ඉතිහාසයක් තිබෙන්නේ වර්තමාන පාලකයින්ට. එයාලා 2013 දී, 2014 දී ගෝල් ෆේස් පිට්ටනිය ඉදිරිපිට තිබෙන මහා වටිනාම ඉඩම් ප්රිමාණය විකුණා දැමුවා. යුද්ධය දිනපු ගමන් කළේ යුද්ධ හමුදා මූලස්ථානය විකුණා දැමිමයි. හම්බන්තොටත් විකුණලා දැම්මා. සෑම අංශයක්ම විකුණා දමමින් බැරි තැන තමයි ඡන්දෙකට ගියේ. ඒ ආපු ඡන්දයේදී ආපහු අපි බලයට ඇවිත් විකුණපුවා නියමානුකූල කරලා 99 අවුරුදු බදු බවට පරිවර්තනය කරලා රට ආරක්ෂා කිරීමට එදා අපි පියවර ගත්තා.
වර්තමාන ආණ්ඩුවත් කරගෙන යන්නේ විකිණීමමයි. දැන් කෙරවලපිටිය වෙස්කෝස්ට් පවර්හි 51 % හිමිකාරිත්වය ඇමරිකා එක්සත් ජනපදයට අයිතිය සමාගමකට විකිණීමට සැලසුම් කර ඇතැයි කියලා මාධ්යෙය වාර්තා කරලා තිබනෙවා.
දැන් මේ සමාගමේ 51%ක්අයිතිය තිබෙන්නේ රජයට. 28 % ක් තිබෙන්නේ EPF (සේවක අර්ථසාධක අරමුදල), 18% ක් තිබෙන්නේ ලෙකෝ සමාගමට, ඉතිරිය තිබෙන්නේ ලංකා ට්රා න්ස්ෆෝමර්ස් ලිමිටඩ් LTL එකට. දැන් මේකත් විකුණා දැමීමට කටයුතු කරගෙන යනවා.
අපේ පාලන කාලය තුළ අපි බලයට පැමිණීයේ රජයේ වත්කම් ආරක්ෂා කරන්න. වර්තමාන පාලකයින් රජයේ වත්කම් විකුණන්නෙ නෑ කියලා ඇවිල්ලා දැන් දිගටම විකුණනවා. එක්සත් ජාතික පක්ෂය බලයේ සිටි 2015 – 2019 වකවානුව තුළ අපගේ බල ශක්තිය (ද්රදව්යක ස්වභාවික වායු) LNG බවට පරිවර්තනය කරමින් සිටියා.
මුදල් උපයාගැනීම සඳහා අපගේ වත්කම් විකුණා දැමීමට රජය සූදානම් වන බව මෙයින් ඉතාමත් පැහැදිළිය. උදාහරණයක් ලෙස සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම හරහා ඉහළ යන ජීවන වියදම පාලනය කර ගැනීමට කොළඹ සහ නගරාසන්න ප්රාදේශවල වටිනා ඉඩ කඩම් හා පැරණි ගොඩනැගිලි විකිණීමට කටයුතු කරන බව පෙනීයනවා. එයට ප්රාධාන හේතුව රජයේ අසාර්ථක ආර්ථිකප්රිතිපත්තිය බව පැහැදිළිව කිව යුතුය. ඒ වගේම වර්තමාන පාලකයින් පාලනය කරන සෑම අවස්ථාවකම කියන්නේ එකක්, කරන්නේ තව එකක් බව ඉතාමත් පැහැදිළිය.