වන්දි මුදල් ලබාදීමේදී ධීවර ජනතාවට ප්‍රමුඛත්වය, ආර්ථික හානිය පිළිබඳ කමිටුවේ වාර්ථාව සතියක් ඇතුලත, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයින්ගේ අධ්‍යයනයන් තවදුරටත්.
MV -X Press Pearl නෞකාව හටගත් ගින්න හේතුවෙන් සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වන්දි ලබා ගැනීම හා ඊට අදාළ නෛතික කටයුතු සිදු කිරීම සඳහා පැවති සාකච්ඡාමය ක්රිතයාවලියට අදාල කරුණු සම්බන්ධයෙන් සහ එහි ප්රිගතිය විමසා බැලීම සම්බන්ධයෙන් වූ තවත් සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරුන්ගේ හා නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (05) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීම සදහා සිදු කර ඇති කාර්යයන් හා මේ වන විට ලැබී ඇති වන්දි මුදල් බෙදාදීම, ආර්ථිකයට, ධීවර ප්‍රජාවට, පරිසරයට සිදු වු හානි තක්සේරු කිරීම සඳහා පත් කළ කමිටු විසින් සිදු කර ඇති කටයුතු පිළිබඳව මෙන්ම, වන්දි ලබා ගැනීමේ කටයුතු සිදු කිරීමේ නීතිමය තත්වය අධ්ය යනයට පත් කළ කමිටුවේ කටයුතු පිළිබදව විශේෂ අවධානයක් යොමු විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මේ වන විට ලැබී ඇති වන්දි මුදල් බෙදා හැරීමේදි පීඩාවට පත් ධීවර ජනතාව වෙත ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත් අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පැවසීය. නෞකාවේ ඇති වු ගින්න හේතුවෙන් මේ වන විටත් සාගරය තුළ ගිලී ඇති කන්ටේනෙර් තුළ ඇති අවදානම් සහිත ද්රරව්යග ඇත්නම් ඒවා ඉවත් කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමු වු අතර, ඒ සඳහා කඩිනමින් අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවත්, යම් හෙයකින් ඒවා මුහුදු ජලය සමඟ මිශ්රි වුවහොත් යළිත් මුහුදු වෙරළ අපවිත්රත වීමෙන් පාරිසරික හානි මෙන්ම ධීවර ප්රකජාව තවදුරටත් පීඩාවට පත් විය හැකි බවත් ඒ සඳහා කඩිනම් පියවර ගැනීම අත්‍යඅවශ්‍ය බවත් , එහිදී අධිකරණ අමාතවරයා සඳහන් කළේය.
ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා සමුද්‍රී පරිසර ආරක්ෂණ අධිකාරීය, නාරා ආයතනය, වරාය අධිකාරීය, පරිසර අධිකාරීය, වෙළඳ නාවික ලේකම් කාර්යාලය නියෝජනය කරමින් විශේෂ කමිටුවක් පත් කළ අතර එහි නියෝජිතයින් කඩිනමින් වාර්තාවක් ඉදිරි දින කිහිපය තුළ ලබා දිය යුතු බවටත් මෙහිදී තිරීණය විය.
අදාළ වන්දි මුදල් ලබා ගැනීමේදී ආර්ථිකයට වී ඇති හානිය පිළිබඳව තොරතුරු වාර්තා කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව මෙම සතිය තුළ ලබා දෙන බව මෙහිදී සඳහන් වූ අතර සිදු ව ඇති හානිය පිළිබදව අධ්ය නය කිරීම සඳහා මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ ජාත්යහන්තර විශේෂඥයින් විසින් ඒ සඳහා සිදු කර ඇති අධ්‍යනයන් පිළිබදව මෙහිදි අවධානය යොමු අතර ඔවුන් විසින් ලබා දෙනු ලබන වාර්තාවන් ද යොදා ගනිමින් ඉදිරි කටයුතු සිදු කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡා විය.
මෙම සාකච්ඡාව සදහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් U.D.C. ජයලාල් මහතා , නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ හා අපද්‍රව්‍ය බැහැරලීමේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ශ්රිහ නිමල් පෙරේරා මහතා, සමුද්රියය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය ඇතුළු විවිධ ආයතන නියෝජනය කරමින් රාජ්යණ නිලධාරීන් එක්ව සිටියහ.