එකම බාලදක්ෂ ලෝකයක් ( Culturally One Scout World ) තේමාවෙන් පැවැත්වෙන මෙම ගෝලීය බාලදක්ෂ සංස්කෘතික ජම්බෝරිය ජුලි මස 16,17 හා 18 දිනවල දී වර්චුවල් (Virtual) තාක්ෂණය ඔස්සේ පැවැත්වෙයි.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ අනුශාසකවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිල වශයෙන් මෙම ජම්බෝරිය ජාත්‍යන්තරයට හඳුන්වා දෙමින් එහි වටිනාකම් අවධාරණය කළේය.
ලෝකයේ බාලදක්ෂ ව්‍යාපාරය පවතින රටවල් 172න් රටවල් 110ක් මේ වනවිටත් මෙම ජම්බෝරිය සඳහා ලියාපදිංචි වී ඇති අතර ඒ ඒ රටවලට අවේණික සංස්කෘතික වටිනාකම් (ආහාර,ඇඳුම්, පැළඳුම්, සංස්කෘතික හා නර්ථන) අංග ඊට ඇතුළත් කෙරෙනු ඇත.
ගෝලීය බාලදක්ෂ සංස්කෘතික ජම්බෝරිය ජාත්‍යන්තරයට හඳුන්වාදීමේ අවස්ථාවට ශ්‍රි ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජනරාල් මිලින්ද පීරිස්, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, සංවිධායක කමිටු සභාපති ප්‍රභාත් කුලරත්න හා මූලස්ථාන කොමසාරිස් වෛද්‍ය අසංක එරියාව මහත්වරු එක්ව සිටියහ.