26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සොබාදහම සියල්ල බෙදන්නේත් අපේ දේශපාලන න්‍යායට අනුව යුක්තිසහගතව සහ සාධාරණවයි...පරිසරයට කාරුණික වී...

සොබාදහම සියල්ල බෙදන්නේත් අපේ දේශපාලන න්‍යායට අනුව යුක්තිසහගතව සහ සාධාරණවයි…පරිසරයට කාරුණික වී විනාශ වෙමින් ඇති මාතෘභූමිය බේරා ගනිමු!ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික සමන්ත විද්‍යාරත්න පවසයි.


අපේ රටේ සමහර දේශපාලන බලවතුන් පරිසර විනාශය සාධාරණීකරණය කරන්න යොදාගන්න වචනයක් තමයි, සංවර්ධනය. සංවර්ධනය කරන්න නම් විනාශය වළක්වන්න බැහැ කියලා මතයක් හදනවා. මිනිස්සුන්ගේ දියුණුව බව කියමින් පරිසර විනාශය සාධාරණීකරණය කරන්නේ විවිධ තර්කවලින්. නමුත් ඒක සාධාරණ නැහැ. සුදුසු නැහැ. සංවර්ධනය කියන්නේ මොකක්ද? සිංහල භාෂාවේ වර්ධනය කියන වචනයටත් සංවර්ධනය කියන වචනයටත් අර්ථ දෙකක් තියෙනවා. සංවර්ධනය කියන්නේ පාරවල් කොන්ක්‍රීට් කිරීම, කාපට් කිරීම, උස ගොඩනැගිලි හැදීම පමණක් නෙවෙයි. සංවර්ධනයට ගැඹුරු අර්ථයක් තිබෙනවා. සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන කියන පැති ගණනාවකින් යහපත් සහ ප්‍රමාණවත් ගුණාත්මක වර්ධනයක් සිදුවීම සැබෑ සංවර්ධනයයි. එහෙම ගත්තාම අපේ රටේ මොකක්ද සිදුවෙලා තියෙන්නේ? අපේ රටේ තියෙන්නේ “සං” හැලිච්ච වර්ධනයක්. ලොං හැලිච්ච සංවර්ධනයක්. අපේ රටේ ණය වර්ධනය වෙලා තියෙනවා. අපරාධ වර්ධනය වෙලා තියෙනවා. හෙරකම් වර්ධනය වෙලා තියෙනවා. ස්ත්‍රී දූෂණය වර්ධනය වෙලා තියෙනවා. සියදිවි නසා ගැනීම් වර්ධනය වෙලා තියෙනවා. අලි-මිනිස් ගැටුම වර්ධනය වෙලා තියෙනවා. වනාන්තර විනාශ කිරීම වර්ධනය වෙලා තියෙනවා. කුඩුවලට ඇබ්බැහි වන ප්‍රමාණය වර්ධනය වෙලා තියෙනවා. 
මේ විදිහට බැලුවාම අපි අවර ගණයේ වර්ධනයන් අත්පත්කරනෙ ඉන්නේ. හැබැයි සංවර්ධනය වෙච්ච පැති ගණනාවකුත් නැහැයි කියන්න බැහැ. අපේ රටේ දේශපාලඥයන්. බලවතුන්, පාලකයන් සංවර්ධනය වෙලා තියෙනවා. හත්මුතු පරම්පරාවකට ජීවත් වෙන්න පුළුවන් තරම් ධනයක් රැස්කරගෙන ‘සංවර්ධනය’ වෙලා ඉන්නවා. මේ රටේ ජනතාව සැබැ සංවර්ධනයේ නාමමාත්‍රයක්වත් නැහැ. අපේ රටේ සමහර අය සංවර්ධනය දකින්නේ මායාකාරී දේවල් තුළින්. කොළඹ නගරයේ ලස්සනට පාරවල් කාපට් කරලා තියෙනවා. රාත්‍රියේ අලංකාර විදුලි බුබුලු දැල්වෙනවා. උස ගොඩනැගිලි තියෙනවා. ඇවිදින මංතීරු හදලා තියෙනවා. සමහර තැන්වල මල් තියලත් තියෙනවා. මේ කියන සංවර්ධනය සැබෑ සංවර්ධනය නෙවෙයි. රූපලාවන්‍ය ශිල්පියෙක් ළඟට ගියොත් වයසකම තැනැත්තෙක් වුණත් ලස්සනට හැඩවැඩ දාලා ගන්න පුළුවන්. ඒ වගේ අපේ රටේ තියෙන්නෙත් මේක් අප් කරපු සංවර්ධනයක්. ඇතුළේ දිරාගිය හුඹස් සංවර්ධනයක් තියෙන්නේ. මේ නිසා රටක් හැටියට සැලකිය යුතු අඝාධයකට වැටිලා ඉන්නේ. 
අපේ රටේ දියුණු රටක් – හරිත බිමක් ඇතිකර ගැනීමේ සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණ ඇතිකරගන්න මේ සම්මන්ත්‍රණය යොදා ගන්නවා. එහිදී ප්‍රධාන කරුණු තුනක් ගැන අවධානය යොමු කරනවා. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments