කොවිඩ්19 වසංගත තත්වයන් තුල පාසැල් අධ්‍යාපනය කඩා වැටීම හා දැයේ දරුවන්ට සම අධ්‍යාපනය අයිතිය තහවුරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අසමත් බව පොදු දේපොළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය තුල දිවයිනේ සියලුම පාසැල් මේ වනවිට වසා දමා ඇති අතර වසරකුත් මාස තුනකට වැඩි කාලයක් පාසැල්දරුවන්ගේ අධ්‍යාපනය අහිමිවි ඇත. ගුරුවරු මෙන්ම දෙමාපියන්ද තම මුදල් වියදම් කරමින් ස්වෙච්ඡාවෙන් සිදුකරන මාර්ගගත(online)අධ්‍යාපනය හැරෙන්නට පාසැල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යෑම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙලක් මේ වනතුරු සකස්වි නොමැත.
මෙරට පරිගණක සාක්ෂරතාවය 33.3%ක් පමණ වන අතර ඩිජිටල් සාක්ෂරතාවය මුළු ජනගහනයෙන් 46%ක් පමණවේ. මේ තත්වය තුල ලක්ෂ 43ක් පමණ වන දරුවන්ගෙන් 60%කට පමණ මේ වනවිට මුළුමනින්ම අධ්‍යාපනය අහිමිවි ඇත. අධ්‍යාපන ලේකම්වරයා ප්‍රකාශ කරන ආකාරයට අන්තර්ජාල ආවරණ නොමැති ප්‍රදේශවල පාසැල් 3000ක් පමණ පිහිටා ඇත. එසේම මෙරට අතිවිශාල පිරිසක් දරිද්‍රතාවයෙන් යුතුව සිටින අතර ඔවුන්ගේ දරුවන්ට මාර්ගගත අධ්‍යාපනයට අවශ්‍ය පරිගණක ඇතුළු උපාංඟ ලබාගැනීමට නොහැකිවීමෙන් ලක්ව ඇති අතර සම අධ්‍යාපන අවස්ථා අහිමිව ඇත.
එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය මගින්ද සම අධ්‍යාපන අවස්ථා පිළිගෙන ඇති අතර එම අවස්ථාවන් ලබාදීම රජයේ වගකීමවේ. එසේම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධ්‍යාපනය ලැබීම මූලික අයිතිවාසිකමකී. එසේ තිබියදී මේ ආකාරයෙන් පාසැල් දරුවන්ට දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යාපන අවස්ථාවඅහිමිවීම සම්බන්ධයෙන් විකල්ප ක්‍රියාමාර්ග හදුන්වාදීමට බලධාරින්ට මේවනතුරුද නොහැකිවි ඇත. කොවිඩ් වසංගත තත්ත්වය තුල පාසැල් දරුවන්ට අඛණ්ඩව අධ්‍යාපනය ලබාදීම සදහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත්වීම තුල පැහැදිලි වන්නේ පාසැල් පාසැල් අධ්‍යාපනය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පැහැදිලි වුවමනාවක් බලධාරීන්ට නොමැති බවයි.
ජනපති ජාතිය ඇමතු අවස්ථාවේ මේ රටේ වැඩකරන ජනතාවගේ බලාපොරොත්තුවක් වූයේ කඩා වැටි ඇති අධ්‍යාපනය පවත්වාගෙන යාම වෙනුවෙන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනු බවටයි. එහෙත් ජනාපති පැවැසුවේ පාසැල් දසදහසකට ෆයිබඔප්ටික් තාක්ෂණය ලබාදී ඇති බවයි. මෙරට වැඩ කරන පන්තිය නියෝජනය කරන අයගේ දරුවන් පවා දිනපතා අන්තර්ජාල පහසුකම් සෙවීමට ගස්ගල් හා වහත මත නගිමින් බරපතල පීඩාවකට පත්වන ආකාරය අප දිනපතා අත්විදිමු . මාර්ගගත අධ්‍යාපන තුල මෙරට වැඩකරන ජනතාව බරපතල පීඩාවකට පත්ව ඇත්තේ අවශ්‍ය පරිගණක උපාංග හා අන්තර්ජාල සබදතා සදහා අධික මිලක් ගෙවීමට සිදුවෙමිනි. මාධ්‍යවල පළවන තොරතුරුවලට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පාසැල් අධ්‍යාපනය පවත්වාගෙන යාමට කටයුතු කරන්නේ වසරකටත් වඩා වැඩි කාලයක් අධ්‍යාපනය අහිමිවු පසුවයි. විශේෂයෙන් මුල්ළමාවිය සංවර්ධන සහ ප්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධයෙන් රජය මීට වඩා සැලකිළිමත් විය යුත්තේ ඒ මත දරුවන්ගේ මෙන්ම රටේ අනාගයද රදා පවතින බැවිණි.
සම කැඳවුම්කරු රන්ජන් සේනානායක, මෙහෙයුම් කමිටු සාමාජික ජෝශප් ස්ටාලින්, සම කැඳවුම්කරු සිල්වෙස්ටර් ජයකොඩි යන නිලධාරීන් මෙම නිවේදනයට අත්සන් කර තිබේ.