වෑන් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට කඩුවලින් හා මන්නා පිහිවලින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග අත් අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය සමත්වී තිබේ.
මෙම සැකකරු වයස අවුරුදු තිස්පහක් වන පිටිපන පාර, හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකී. මෙහි වැඩිදුර විමර්ශනයේදී මෙම අපරාධය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන දැනට ඩුබායිරටට පළාගොස් සිටින සමරප්පුලිගේ චමින්ද බුද්ධික නොහොත් චමි යන අය මෙහෙයවා ඇති බවත් මෙම චමින්ද යන අය තුවාලකරුට දුරකතන ඇමතුම් ලබාදීම මරණ තර්ජනය කර කප්පම් මුදල් ඉල්ලා ඇති බවත් එසේ නොදුන් නිසා මෙරට සිටි ඔහුගේ ගෝලයෝ ලවා මේ අපරාධය සිදුකර තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදි එම දුරකතනයේ තුවාලකරුට පුද්ගලයින් තිදෙනකු පහර දෙන ආකාරය විඩියෝ ගත කර ඇතබවට තොරතුරු අනාවරණයවූ අතර දැනට ඩුබායි හී සිටින චමී කියන අපරාධකල්ලි සාමාජිකයාට මෙය යවා ඇති බව හෙලිවි තිබේ.