21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්අන්තර්ජාලයේ සිටින නිර්මාණකරුවන්ට ව්‍යාපාරික බැංකු ණය පහසුකම්.

අන්තර්ජාලයේ සිටින නිර්මාණකරුවන්ට ව්‍යාපාරික බැංකු ණය පහසුකම්.

අන්තර්ජාලයේ සිටින නිර්මාණකරුවන්ට ව්‍යාපාරික බැංකු ණය පහසුකම් සළසා දෙන්න අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත්වෙයි.

සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාලය ඔස්සේ ආදායම් උපදවන මෙරට නිර්මාණකරුවන්ට ඉදිරියට යාමට අවශ්‍ය ව්‍යාපාර බැංකු ණය පහසුකම් ලබාදෙන වැඩපිළිවෙලක් සකස් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

කොළඹ ව්‍යාපාරික සංගමයේ මාර්ගගත ඩිජිටල් වෙළඳපොළ ක්‍රමය One mart App, Dizcard Businesses කාඩ්පත සහ Around.lk ඩිජිටල් නාමාවලිය හඳුන්වාදෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කොළඹ රාමඩා හෝටලයේ දී ඊයේ (07) දින මේ බව සඳහන් කළේය.

ඔන්ලයින් ව්‍යාපාර කරන බවට ප්‍රකාශ කළ ද එවැන්නක් බැංකුවට පැහැදිළි කිරීම අපහසු නිසා හොඳ පරිගණකයක් එසේත් නැතිනම් හොඳ ඩිවයිස් එකක් මිල දී ගැනීමට ණයක් බලාපොරොත්තුවන පුද්ගලයන් වුව ද අසරණ වී ඇති ඇතැයි පෙන්වා දුන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රාජ්‍ය හා පෞද්ගලික බැංකු සමඟ සාකච්ඡා කර කඩිනම් වැඩපිළිවෙලක් ඒ වෙනුවෙන් සකස් කරන බව අවධාරණය කළේය.

මඩ ගහන්න, චරිත ඝාතනය කරන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා මෙන් එය ධනාත්මක පැත්තට හැරෙව්වොත් විශාල සමාජ පෙරළියක් සමඟ දකුණු ආසියාවේ නිර්මාණාත්මක කේන්ද්‍රස්ථානය (ක්‍රියේටිව් හබ්) බවට ශ්‍රී ලංකාව පත් වෙනවා යැයි ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විශ්වාසය පළ කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments