හරිත සමාජයක් ආර්ථික රටාවක් ගොඩනැගීමේ අරමුණ ඇතිව රසායනික පොහොර සහ පළිබෝධක නාශක ආනයන තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය නව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වෙනස් කර ඇති බවට වෙඩ් අඩවි සම සමාජමාධ්‍ය ඔස්සේ පැතිර යන පුවතෙහි කිසිදු සත්‍යතාවක් නැහැ.
රසායනික පොහොර භාවිතයෙන් බැහැරව කාබනික කෘෂිකර්මයට මාරුවීමට ගත් තීරණය අහෝසි කිරීමට රජය කිසිසේත්ම අදහස් නොකරයි.
රසායනික පොහොර සහ පළිබෝධකනාශක ආනයන තහනම් කිරීමට රජය තීරණය කළේ ජනාධිපති ජනාධිපතිවරණයට පෙර ජනතාව හමුවේ තැබු සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේහි ඇතුළත් හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීමේ ප්‍රතිඥාව ඉටුකිරීමේ මූලික පියවරක් ලෙසිනි.
නව මුදල් අමාත්‍යවරයා පත්වීමෙන් පසු රජයේ වත්මන් සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන මැති ඇමැතිවරුන් හමුවි සාකච්ඡා කළේය. එහිදි විවිධ අදහස් තර්ක සහා ප්‍රතිතර්ක රැසක් ඉදිරිපත්වීය. ඒ සියල්ල සමබරව සමාලෝචනය කොට වඩාත්ම නිවැරැදි ක්‍රියාමාර්ගය සැලසුම් කිරීමට ඇවැසි අනුකමිටු 05ක් පත් කෙරිණි. හරිත ආර්ථික පිළිවෙත වෙනස් කිරීමට මේ සකච්ඡාවලදී කිසිදු යෝජනාවක් නොවීය.