කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දැක්වීම හේතුවෙන් ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ක්‍රියාවලිය (12) සිට සිදුකරන බව ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු සංගම් කියති.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එම වෘත්තීය සමිති 14ක නියෝජිතයෝ එක්වෙමින් මෙසේ අදහස් දැක්වූහ.
මේ අතර මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීයකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දුන් රාජ්‍ය ඇමැති ප්‍රකාශ කර ඇත්තේ වෘත්තීය සමිති ඔන් ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වුවද සිසුන්ට ඉගැන්වීම කටයුතු ඔන්ලයින් හරහා සිදුකිරීමට එක් ගුරුවරයකු සීටීම ප්‍රමාණවත් බවයි.
රාජ්‍ය ඇමැතිගේ එම ප්‍රකාශයට ලංකා ගුරු සංගමයේ උපලේකම් රසිකා හඳපාන්ගොඩ පැවැති මාධ්‍ය හමුවකදී එම ප්‍රකාශයට විරෝධය පළ කළාය. මේ අතර නිරෝධායන නීති කඩකරන්නන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නිකුත් කර ඇති නිවේදනය උල්ලංඝනය කරමින් තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කරයි.