21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොවිඩ් එන්නතලබාගැනීමේ පහසුව සඳහා මාර්ගගත(onlineregistation)ලියාපදිංචික්‍රමවේදයක් හඳුන්වාදෙයි.

කොවිඩ් එන්නතලබාගැනීමේ පහසුව සඳහා මාර්ගගත(onlineregistation)ලියාපදිංචික්‍රමවේදයක් හඳුන්වාදෙයි.

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තියට එරෙහිව රජය විසින් සෞඛ්‍ය අංශ සමග එක්ව සිදුකරන එන්නත්කරණ ක්‍රියාවලියවඩාත් කාර්යක්ෂම හා ක්‍රමවත්ව සිදු කිරීමේ අරමුණ ඇතිවඅමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා මාර්ගගතව (Online) ලියාපදිංචි වීමේඅවස්ථාව ජනතාවට ලබාදීමඅද (12) දින සිදුවිය.

ඒ අනුව, බස්නාහිර පළාතේ පදිංචි(කොළඹ, කළුතර,ගම්පහ)කොවිඩ් – 19  එන්නත ලබාගත හැකි බවට සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරන සියලුදෙනාට මාර්ගගත(Online) ක්‍රමවේදය ඔස්සේhttps://vaccine.covid19.gov.lkමෙම වෙබ් අඩවියෙහි ලියාපදංචි වී දිනයක් හා වේලාවක් ලබාගත හැකියි.

බස්නාහිර පළාත තුළ පදිංචිඅයට තම ජාතික හැදුනුම්පතෙහි සඳහන් ලිපිනය අනුව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් එන්නත් ලබාදෙන මධ්‍යස්ථානවල ලියාපදංචි විය හැකියි.

ජතික හැදුනුම්පතෙහි සඳහන් ලිපිනය බස්නාහිර පළාතේ නොවූවත් බස්නාහිර පළාත තුළ පදිංචි අයට දැනට පදිංචි ග්‍රාම නිලධාරි ප්‍රදේශය සනාථ කළ හැකි බිල්පතක් හෝ ඉදිරිපත් කර මෙම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපංදිචි වී එන්නත් ලබාගත හැක.

සෞඛ්‍ය අමාත්‍යංශයේ බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව කොවිඩ් -19  එන්නත් ලබාගැනීමේ දී ජනතාවට ඇතිවන ගැටළු මගහරවා ගැනීම සඳහාත් ජනතාවගේ පහසුව සඳහාත් මෙම නව මාර්ගගත ක්‍රමවේදය (Online)හඳුන්වා දී තිබේ.

එසේම මාර්ගගත ලියාපදිංචික්‍රමවේදය(Onlineregistration) ඔස්සේ අනෙකුත් පළාත්වල ජනතාවටඑන්නත් ලබාගැනීම සඳහා ලියාපදිංචිවීමට කඩිනමින් අවස්ථාව සලසන අතර, බස්නාහිර පළාතේ පළමු මාත්‍රාව පමණක් ලබාගත්අයට ද දෙවන මාත්‍රාව ලබාගැනීමේදී මාර්ගගත ක්‍රමවේදය (Online)ඔස්සේ ලියාපදිංචි වී එන්නත ලබාගැනීමේ පහසුකම් ද සැලසීමට නියමිතය.

ගෝලීය වශයෙන් අභියෝගත්මක කාලසීමාවක පසුකරමින් සිටින අප පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දෛනික කටයුතුවල නියැලීය යුතුව ඇත.

එහිදී ජනතාවට කාර්යක්ෂමව හා කඩිනම්ව මාර්ගගත ක්‍රමවේදය (Online)ඔස්සේ දිනයක් වේලාවක් වෙන් කරගැනීමෙන් එන්නත ලබාගැනීමට හැකිවීමෙන් කාලය ඉතිරි කරගෙන තදබදයකින් තොරව එන්නත ලබාගැනීමේ හැකියාව ලැබෙන බවට මෙම එන්නත්කරණ ක්‍රියාවලියට සක්‍රීය දායකත්වය සපයන අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විශ්වාසය පළ කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments