එල්.ටි.ටි.ඊ සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමට ආධාර කළ අයකු කටාර් රාජ්‍ය යේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටිද්දි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
ඊයේ (12) ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාශය මගින් මුල්ලියාවෙලි නිරෝධායන මධ්‍යස්ථානයේදී වයස අවුරුදු 41ක්වන පුද්ගලයකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොහු පාක්‍ය තුරෛයි නගුලේෂ්වරන් නැමැති ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි අයෙකු බවට වාර්තවෙනවා.
එම පුද්ගලයා 2019 සිට එල්.එල්.ටි.ටි.ඊ. සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙනුයි. 2019 වසරරේදි මෙම පුද්ගලයා කටාර් රාජ්‍ය බලා පලාගොස් ඇත. එසේ පළා ගොස් සිටින පුද්ගලයා පිළිබඳ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් ජත්‍යාන්තර පොලිසි හරහා මෙහු වෙත නිල් නිවේදනයක් ලබාගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස කටාර් රාජ්‍ය විසින් ඔහුව මෙරටට එවා තිබුණා. පසුව ඔහු නිරෝධායනයට ලක් කර තිබෙන අතර එම කටයුත්ත අවසන් වීමෙන් පසු මෙසේ එමපුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේපනත යටතේ රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත අතර එම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය තවදුරටත් පරීක්ෂණ පවත්වයි.