නැගෙනහිර පලාතේ ජීවත් වන සුළු අපනයන බෝග වගාකරුවන්ට මෙන්ම ගෘහාශ්‍රිතව සතුන් ඇති කරන්නන්ට නව වෙළද පොලක් හදුන්වා දෙන බව පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මැතිතුමා පැවසීය. එතුමා මේ බව පැවසුවේ අද දින (2021.07.14) නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් වරුන් හා දිසාපති කේ කරුණාකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අවස්ථාවේදීය.
පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මගින් දැනට කරගෙන යනු ලබන ව්‍යාපෘති මෙන්ම නව ව්‍යාපෘති දෙකක් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා කරුණු ගෙන හැර දැක්වීය. මේ වන විටත් අමාත්‍යංශය මඟින් ආරම්භ කල එළුවන් හා කුකුළු පැටව් ව්‍යාපෘතිය ඉතා සාර්ථකව දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වන බවත්, ඉදිරියේදී මුං ඇට, උළුදු සහ ඉඟුරු වගා කරුවන්ට ගොවි උපකරණ හා තාක්ෂණික උපදෙස් ලබා දෙමින් එම බෝග වගා කිරීමට නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත බවත්, කාබනික පොහොර බාවිතයට මෙන්ම කාබනික පොහොර නිෂ්පාදනයටද අත හිත දෙමින් තවත් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත් ඒවා වෙළද පොල වෙත ගෙන යමින් ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරන බව පැවසීය.
මෙම නව ව්‍යාපෘති තුලින් දිස්ත්‍රික්කය පුරා සිටින විශාල ජන කොට්ඨාශයකට ස්ව්‍යං රැකියා අවස්ථා උදා වන නිසා ඒ අයගේ සුභ සිද්ධියට තමන්ට හැකි අයුරින් උදව් උපකාර කරමින් ඔහුන්ව ශක්තිමත් කිරීම තම එකම අභිප්‍රාය බවත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට තමන්ට ලබා දී ඇති රාජ්‍ය අමාත්‍යංශය මගින් කල හැකි උපරිමය ඉටු කිරීමට බලා පොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම දිස්ත්‍රික් කමිටු රැස්විම සඳහා පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරින්ද, දිසාපති තුමන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් වරුන් හා ඒ ඒ ලේකම් කාර්යාල වල අධ්‍යක්ෂ වරුන් හා මහත්ම මහත්මින් පිරිසක් එක්ව සිටියහ.