22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්විශේෂ කාර්ය බලකාය පළමු වරට ජෙට්සි බෝට්ටු යොදාගෙන මුතුරාජ වෙල ප්‍රදේශයේ මහා...

විශේෂ කාර්ය බලකාය පළමු වරට ජෙට්සි බෝට්ටු යොදාගෙන මුතුරාජ වෙල ප්‍රදේශයේ මහා පරිමාණ නිතීවිරෝධි මත්පැන් ජාවාරමක් වටලයි.

විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 16 දෙනකු ලංකා මෝටර් බෝට්ටු සංගමයේ අනුග්‍රහය ඇතිව විශේෂ පුහුණුවක් ලැබු අතර එහිදි විශේෂයෙන් ජෙට්සි නැමැති අධික වේගයෙන් පදවන්නත් ඒවා යොදාගෙන විශේෂ මෙහෙයුම් කිරීමටත් මෙමපුහුණුව ලැබුවා. ඒ අනුව විශේෂ කාර්ය බලකාව වෙත ඒම බෝට්ටුවක් ප්‍රදානය කෙරුණා.

ජෙට්සි බෝට්ටුව යොදාගෙන ප්‍රථම මෙහෙයමු ලෙස මුතුරාජවෙල මෙහෙයුමක් ඊයේ (13) සිදුකළා. එහිදි නීති විරෝධි ලෙස නිෂ්පාදනය කරන මත්පැන් හා ගෝඩා බැරල් 26ක් සොයාගෙන ඇති බවට වාර්තා වෙනවා. විශේෂයෙන් දියමත විහිදුම් බලකාය මගින් වනාන්තර හෙලි පෙහෙලි කිරීම්, පරිසර දූෂණය, වන සතුන් දඩයම් කිරීම, මැණික් ගැරීම, කොරල්පර විනාශ කිරීම, වැනි පාරිසරික දූෂණ හා නිතිවිරෝධි මත්පැන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට මෙම බලකායේ සේවය ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. විශේෂ කාර්ය බලකාය ශ්‍රී ලංකා පොලිසිය සමග එක්ව මෙම මෙහෙයුම් කිරීමට නියමිතව තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments