28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ 20 වන රැස්වීම සාර්ථකව අවසන්වේ.

උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ 20 වන රැස්වීම සාර්ථකව අවසන්වේ.

උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ විසි වන රැස්වීම (20) එම කොමිසමේ වත්මන් සභාපති ශ්‍රී  ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාවේ ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි මස 13 වන දින සිට දින තුනක් (03) පුරා කොළඹ ජාතික සාගරික සම්පත් පර්යේෂණ නියෝජිතායතනයේ දී (NARA) මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වුනු අතර, අද දින  (2021ජූලී 15)  එම රැස්වීම සාර්ථකව අවසන් විය.

ඉන්දීය සාගර කලාපය හරහා ආරක්ෂාකාරී මුහුදු ගමන් මාර්ග ඇති කිරීම සඳහා වන ක්‍රමවේදයන් සකස් කිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දින තුනක් (03) පුරා පැවති මෙම රැස්වීම, කොමිසමේ සාමාජික රාජ්‍යයන්, නිරීක්ෂණ රාජ්‍යන්ගේ සාමාජිකයින්, ජාත්‍යන්තර සංවිධාන සහ පාර්ශවකරුවන් නියෝජනය කරමින් නියෝජිතයින් 50ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය  ඔස්සේ පැවැත්විණි.

උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසම 2002 වර්ෂයේදී 13 වන කලාපීය ජල ශාස්ත්‍රීය කොමිසම වශයෙන් ස්ථාපිත කරන ලද අතර, එහි ආරම්භක  සාමාජිකයින් ලෙස බංගලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ මහා බ්‍රිතානය කටයුතු කරනු ලබයි.

තවද, මෙම ජල ශාස්ත්‍රීය කොමිසමට අයත් වන සාගර කලාපය ඉන්දියාවට උතුරින් අන්දමන් මුහුදු කලාපයේ සිට ඒඩ්න් බොක්ක දක්වා වූ විශාල වශයෙන් මුහුදු ගමන් මාර්ග සිදුවන සාගර කලාපයක් ආවරණය වන බැවින්, එම  සාගර කලාපයේ ආරක්ෂාකාරී මුහුදු ගමන් මාර්ග ඇති කිරීම සහ ප්‍රවර්ධනය සඳහා වන ක්‍රමවේද සකස් කිරීම සම්බන්දයෙන් පාර්ශවකරුවන් අතර සුවිශේෂී විද්වත් අදහස් හුවමාරුවක් මෙම රැස්වීම මගින් සිදුකෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments