29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වයඹ නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න වැඩ භාර...

වයඹ නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න වැඩ භාර ගනී.

රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න 2021 ජුලි 16 වන වයඹ නාවික විධාන මූලස්ථානයේදී වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගත්තේය.

වයඹ නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු වශයෙන් රාජකාරි කටයුතු සිදු කරන ලදි. නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් මගින් ආචාර පිරිනමමින් වයඹ නාවික විධානය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, වයඹ නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න වෙත නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමා  වයඹ නාවික  විධානයෙන් සමුදීම සිදු කෙරිණි. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments