22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්උදය ප්‍රභාත් ගම්මන්පිලගේ විශ්වාස භංගය.

උදය ප්‍රභාත් ගම්මන්පිලගේ විශ්වාස භංගය.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව හෙට (19) සහ අනිද්දා (20) පාර්ලිමේන්තුවේ දි විවාදයට ගැනීමට නියමිතව තිබේ.

ඉන්ධන මිල ඉහළ නැංවීමට ගත් තීරණය ගත් එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි

හෙට පැවැත්වෙන විශ්වාසභංග යෝජනා විවාදය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද පස්වරුවේ ආරම්භ වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වෙන බව වාර්තා  වේ.

මේ අතර උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කිරීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ දි නිදහස් පක්ෂය කිසිදු අවස්ථාවක විපක්ෂයට වාසිදායක වන ආකාරයේ තීන්දුවක් නොගන්නා බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments