26.3 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්කටුනායක වෙළද කලාපය වසා දැමූ පුවත අසත්‍යක්

කටුනායක වෙළද කලාපය වසා දැමූ පුවත අසත්‍යක්

පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හමුවේ කටුනායක නිදහස් වෙළඳ කලාපය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර නොගන්නා බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ එම නිදහස් වෙළඳ කලාපය වසා දැමීමට පියවර ගෙන ඇති බවට පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් එම මණ්ඩලය මේ බව සඳහන් කළේය.

කෙසේවෙතත් කොවිඩ් ආසාදිතයා වාර්තා වූ ඇඟලුම් කර්මාන්තශාලාව පමණක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

එම කර්මාන්තශාලාවේ සේවකයින් පී.සී.ආර්  පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර අදාළ වාර්තා ලැබෙන තෙක් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments