20 වැනි ව්‍යවස්තා සංශෝධනය ට එරෙහිව සමාජ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ පොත එලිදැක්වීම සහ කම්කරැ නියෝජිත සමුළුව අද ( 09 ) සවස මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්විණි.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය, බැංකු සහ පුද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධව මේ පොත එළිදැක්වීම සංවිධානය කර ඇත. මෙහිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන පීඨයේ හිටපු මහාචාර්ය නවරත්න බණ්ඩාර මහතා විසින් ප්‍රධාන දේශනය පැවැත්වු අතර උදේණී දිසානායක, ජෝශප් ස්ටාර්ලින්, සිල්වෙස්ටර් ජයකොඩි, චින්තක බණ්ඩාර,දිනුක සමරනායක,රවි කුමුදේශ්, කේශර කෝට්ටේගොඩ යන වෘත්තීය සමිති නායකයින් රැසක් මෙහිදි සිය අදහස් විසිවෙනි සංශෝධන පිළිබඳ සිය අදහස් දැක්වුහ.
මෙම ග්‍රන්ථය එළි දැක්වීම 20ට එරෙහි වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් මෙහෙයවූයේය.