21.9 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්ලොතරැයි දිනුමකින් කෝටිපතියෙක් වූ අයෙක් 14 දැරියක් අපයෝජනය කරලා

ලොතරැයි දිනුමකින් කෝටිපතියෙක් වූ අයෙක් 14 දැරියක් අපයෝජනය කරලා

දාහතර හැවිරිදි බාල වයස්‌කාර පාසල් දැරියක්‌ අපයෝජනයට ලක්‌ කළ බව කියන 60 හැවිරිදි පුද්ගලයකු පොලිසිය විසින් 8 වැනිදා පස්‌වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ලොතරැයි දිනුමකින් කෝටිපතියකු වූ බව කියන 60 හැවිරිදි අයෙකි.

 සැකකරු සිය දියණියගේ 14 හැවිරිදි දියණිය මීට වසර 5 කට පමණ පෙර සිට අපයෝජනයට ලක්‌ කොට ඇති බව පරීක්‍ෂණවල දී අනාවරණය වී ඇත. 14 හැවිරිදි බාල වයස්‌කාර දැරිය වෛද්‍ය පරීක්‍ෂණයට භාජනය කිරීමේ දී ඇය වයස අවුරුදු 9 යේදී පමණ තම මවගේ පියා අතින් අපයෝජනයට ලක්‌වී ඇති බව හෙළි වී තිබේ. සීයාගේ අතවරයට ලක්‌ වූ මෙම දැරියගෙන් පොලිසිය ලබාගත් ප්‍රකාශ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 අදාළ සැකකරුට මීට වසර 4 කට පමණ පෙර ලොතරැයි දිනුමකින් රුපියල් හාරකෝටියක ත්‍යාග මුදලක්‌ද හිමිවී තිබේ. සැකකරු ඊයේ (9 දා) පස්‌වරුවේ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණී. පොලිස්‌ ස්‌ථානාධීපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක බුද්ධික පනාවෙල මහතාගේ උපදෙස්‌ මත ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments