29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සැමදාමත් අපිව රැවට්ටුවා සඳුදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත කරන බව කියනවා. ගුරු විදුහල්පති...

සැමදාමත් අපිව රැවට්ටුවා සඳුදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත කරන බව කියනවා. ගුරු විදුහල්පති වෘත්තීය සමිති

සෑමදාමත් අපිව රැවට්ටුවා දැන්වත්

අපේ වැටුප් විසමතා ගැටලුවට

විසඳුමක් ලබාදෙන්න මෙය

ජයග්‍රහණය කරන තුරු අපි වෘත්තීය

අරගලයේ යෙදෙන බව ගුරු

විදුහල්පති වෘත්තීය සමිති කොළඹ

කොටුව දුම්රියපොළ ඉදිරිපිටට

පැමිණ එක හඬින් කියා සිටියහ.

මෙහිදි විරෝධතා කරුවන් දුම්රිය

නැවතුම්පොළ ඉදිරිපිට සිට

පාගමනින් ජනාධිපති ලේකම්

කාර්යාලට පාගමනින් විරෝධතා

පුවරු ඔසවාගෙන ගමන් ගත්හ.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු

සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප්

ස්ටාර්ලින් මහතා කියා සිටියේ

විරෝධතාකරුන්වට ජනාධිපති

ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක්

ලබාදුන් අතර එහිදි ලබන සඳුදා

ජී.ඇල්.පීරිස් ඇමැතිවරයා කැබිනට්

පත්‍රිකාවක් මේ සම්බන්ධයෙන්

ඉදිරිපත් කරන බවත් අනතුරුව

ලබන අඟහරුවාදා අපිව

සාකච්ඡාවකට කැඳවන බවත් පසුව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

මහතා සමගත් සාකච්ඡාවක්

ලබාදෙන්න උත්සහ කරන බවයි.

එමෙන්ම වැටුප් කොමිසමද එම

සාකච්ඡාවලට සම්බන්ධ කරගන්න

බව ජනාධිපති ලේකම් කාර්යාලයේ

නිලධාරින් අපිට දැනුම් දුන්නා.

1997 සිටි පැමිණෙන මෙම

ගැටලුවට විවිධ අවස්ථාවල

ප්ලැස්තර විසඳුම් ලබාදෙන්න ක්‍රියා

කළත් ඉන් ගුරු විදුහල්පතිවරුන්

සාධාරණයක් සිදුවි නොමැති බවයි.

මේවනවිට අධ්‍යාපන ඇමැති

මහචාර්ය ජී.ඇල්.පීරිස් මහතා ලබන

සඳුදා කැබිනට් පත්‍රිකාවක් ගෙන

එන බව කියනවා. මීට පෙරත්

එවැනි දේවල් සිදුවි තිබෙනවා

ප්‍රතිඵලයක් නැහැ. සෑමදාම

සිදුවුණේ රැවටීම පමණයි. ඒ නිසා

මෙම ගැටලුවට විසඳුමක් ලැබෙන

තුරු අපේ අරගලය ඉදිරියට ගෙන

යනවා.
මේ අවස්ථාවට වෘත්තීය සමිති

තිහක් නියෝජනය කරමින්

සාමාජික සාමාජිකාවන් පැමිණ බව

මෙහිදි කියැවුණා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments