21.6 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්හැම තැනින්ම ලෙඩ්ඩු හම්බවෙන තත්වයට අපි තාම පත්වෙලා නෑ

හැම තැනින්ම ලෙඩ්ඩු හම්බවෙන තත්වයට අපි තාම පත්වෙලා නෑ

 ඉන්දියාව, ඇමරිකාව වැනි රටවල මෙන් කොවිඞ් – 19 ආසාදිතයන් කොතැනින් වාර්තා වන්නේ ද යන්න සොයාගත නොහැකි ලෙස සමාජයේ තැනින් තැන රෝගීන් වාර්තා වීමක් මෙරටින් සිදු නොවන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප‍්‍රකාශ කළාය. ආසාදිතයන් වාර්තා වීමක් සිදු වන්නේ කොහෙන්ද යන්න හඳුනාගත නොහැකි ලෙස සමාජයෙන් රෝගීන් හමුවීම කොවිඞ් – 19 රෝගයේ සිව්වැනි අදියර බවට හඳුන්වන බවත් එවැනි අවස්ථාවකට තවමත් ශී‍්‍ර ලංකාව මුහුණ දී නොමැති බවත් ඇමැතිවරිය පැවසුවාය.

කොවිඞ් – 19 මර්දනය සඳහා ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ජනතාව පිළිපදින්නේ නම් වෛරසයේ ව්‍යාප්තිය අවම කළ හැකි බවත් පසුගිය මාස දෙකක් පුරා මෙරටින් රෝගීන් වාර්තා වීමක් සිදු නොවුණ බවත් නිරන්තරයෙන්ම වෛසරය සම්බන්ධයෙන් කොතැනින් හෝ වාර්තා වේද යන්න ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන් සිටි බවත් එහි ප‍්‍රතිඵලයක් ලෙස මිනුවන්ගොඩ පොකුරේ ආසාදිත කාන්තාව හඳුනා ගැනීමට හැකි වූ බවත් ඇමැතිවරිය කීවාය.

ඇමැතිවරිය මේ බව සඳහන් කළේ මීට ඉහතදී ඇය විසින් සිදු කර ඇතැයි කියන ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments