22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ඌව පළාත සඳහා කම්කරු කාර්යාලයක්.

ඌව පළාත සඳහා කම්කරු කාර්යාලයක්.

බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක වල පොදු කම්කරු ජනතාව,වතු කම්කරුවන්, පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය සේවයේ සේවකයන් (70,000) හැත්තෑ දහසකගේ කම්කරු ගැටලු විසඳීම සඳහා එම සේවා පහසුකම් පුළුල් කරමින් වඩා ඉඩ පහසු ඇති ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ අවශ්‍යතාවය කලක පටන් පැවති බවත්,ඒ අනුව රුපියල් මිලියන 268 ක වියදමින් මහල් හතරකින් යුක්ත නව ඌව පළාත් කම්කරු කාර්යාලයේ ඉදි කිරීමේ කටයුතු මේ වනවිට සියයට හැත්තෑවක්(70%) පමණ අවසන් කොට තිබේ.

කම්කරු ඇමැතිවරයා ඉකුත් සතියේ බදුල්ල කම්කරු කාර්යාලයේ ඉදිකිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්විය.
මෙම අංගසම්පූර්ණ පොදු පහසුකම් සහ සේවා පහසුකම්වලින් සමන්විත සිව් මහල් ගොඩනැගිල්ල වර්ග අඩි දාහත් දහසක (17,000) පරිශ්‍ර වපසරියකින් යුක්තය. මෙම ගොඩනැගිල්ලේ බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ,ඌව පළාත් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය,අම්පාර,මොනරාගල හා බදුල්ල දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාලය ස්ථාපිත කෙරේ.

සේවක අර්ථසාධක අරමුදල් පිළිබඳ කටයුතු,කම්කරු පැමිණිලි පිළිබඳ කටයුතු කිරීම,පාරිතෝෂික මුදල් ලබාදීමේ කටයුතු,කර්මාන්තශාලා පරීක්ෂණ කටයුතු වැනි වැඩකරන පන්තියේ ජනතාවගේ ගැටලු පිළිබඳ කම්කරු නීතිය ක්‍රියාත්මක කිරීම මෙම කම්කරු කාර්යාල සංකීර්ණය තුළින් සිදු කෙරෙන බව කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමට ලංගම සතු හෙක්ටයාර් 01.05 ඉඩම කම්කරු අමාත්‍යාංශයට ලබාදීම පිළිබඳ ඇමැතිවරයා සිය කෘතඥතාවය පල කර සිටියේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments