ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද(26) පෙරවරුවේ පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහභාගී වන බවය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ට මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, පොහොර ගැටලුව, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සහ පවතින ආර්ථික ගැටලු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බවය.