දෙනිපිටිය ඌරුවිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි දරුවෙකු සමඟ උපකාරක පන්ති ගුරුවරියක් ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන නිවසින් පැන ගොස් ඇතැයි පවසමින් දරුවාගේ දෙමව්පියන් වැලිගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඉකුත් 5 වන දිනය සවස 2.00 ට පමණ මෙම දරුවා නිවසේ සිට මීටර් හාරසියයක් පමණ දුරින් පිහිටා ඇති මෙම ගුරුවරියගේ නිවසේ ඇති උපකාරක පන්තියට සහභාගි වී තිබෙන අතර එම අවස්ථාවේ දී මෙම දරුවා සහ දරුවාගේ බාල නැගණියත් වෙනත් ළමයෙකුත් එම පන්තියේ සිට තිබෙනවා. පසුව මෙම පන්තිය කෙටි වේලාවකින් අවසන් වී ඇති අතර අතුරුදහන් දරුවාගේ බාල නැගණිය නිවසට ගොස් ඇති අතර ඒ අනුව දියණිය පමණක් නිවසට පැමිණියේ ඇයි ද යන්න පිළිබඳව එම පිරිමි දරුවාගේ මව තුළ ඇති වූ සැකයක් මත මව එම උපකාරක පන්තිය සහිත නිවසට ගොස් විපරම් කර තිබෙනවා.
එම අවස්ථාවේදී ගුරුවරියගේ මව සහ වයස අවුරුදු දෙකක් වූ දියණිය සිට ඇති අතර ගුරුවරියගේ මව පවසා ඇත්තේ ගුරුවරිය නිවසේ නොමැති බවයි. පසුව මෙම පිරිමි දරුවා සහ ගුරුවරියට කුමක් සිදු වූයේ දැයි සොයා ගැනීමට නොහැකිවූ දෙමව්පියන් ප්‍රදේශවාසීන් සමග ප්‍රදේශය පුරා පරික්ෂා කර එහෙත් කිසිදු තොරතුරක් සොයා සොයාගැනීමට නොහැකි වීම නිසා පිරිමි දරුවාගේ පාර්ශවයේ දෙමාපියන් සහ ඥාතීන් වැලිගම පොලිසියට පැමිණිල්ලි කර තිබෙනවා.
ඊයේ 08 පෙරවරුව වන තෙක් මේ පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නැති අතර දරුවාගේ අතේ ඇති ජංගම දුරකථනය පිළිබද විශ්ලේෂණය කිරීමේදී මතුගම ප්‍රදේශයේ දී දුරකථනය ක්‍රියාත්මක කර ඇති බවට එම දුරකථන සමාගම දැන් වූ බව එම දරුවාගේ ඥාතීන් පවසනවා. එහෙත් මෙම ගුරුවරියගේ පාර්ශවයෙන් ගුරුවරිය අතුරුදහන් වීම පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව ඔවුන්ගේ දෛනික කටයුතු සිදුකර ගනිමින් සිටීම ගැන මෙම දරුවාගේ පාර්ශවය බලවත් ලෙස සැක පල කරනවා.
එහෙත් මෙම දරුවා සහ ගුරුවරිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වී ඇති බවට සාධකයක් ලෙස ගුරුවරිය සහ මෙම දරුවා අතර ජංගම දුරකථනයෙන් හුවමාරු වූ කෙටි පණිවිඩ වලින් තහවුරු වන බව එම දරුවාගේ පියාගේ සහෝදරයා පවසනවා .
දරුවාගේ මව පවසන්නේ දරුවා නිවසින් උපකාරක පන්තියට යන අවස්ථාවේදී නිවසේ තිබූ දරුවාගේ රන් මාලයක් ද රැගෙන ගොස් ඇති බවයි. මෙම ගුරුවරියගේ උපකාරක පන්තියට ළමුන් දහ දෙනකු පමණය පැමිණ ඇති අතර දිනෙන් දින සිසුන්ගේ පැමිණීම අඩාල වී තිබෙනවා.
මෙහිදී දරුවගේ මව පවසන්නේ නිශ්චිතවම ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන තම දරුවා මෙම ගුරුවරිය විසින් රවටා ගෙන ගොස් ඇති බවයි.