22.1 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeක්‍රීඩා පුවත්ආසියාව සහ ලෝක කණ්ඩායම් අතර 20-20 තරගයට ලංකාවෙන් මාලිංග

ආසියාව සහ ලෝක කණ්ඩායම් අතර 20-20 තරගයට ලංකාවෙන් මාලිංග

බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලෝක කණ්ඩායම සහ ආසියානු කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙක සඳහා නම් කරන ලද ආසියානු කණ්ඩායමට ලසිත් මාලිංග සහ තිසර පෙරේරාව ඇතුළත් කර තිබේ.
 
 බංග්ලාදේශයේ පියා වශයෙන් හඳුන්වනු ලබන බංගබන්දු ෂෙයික් මුජීබර් රහ්මාන්ගේ  සියවැනි උපන්දිනය සමරමින් මෙම තරගය සංවිධානය කිරීමට බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ. ඒ අනුව අදාළ තරග දෙක 2021 වසරේ මාර්තු මස 21 සහ 22 යන දිනවලදී පැවැත්වීමට නියමිතව ඇත.
 
 කෙසේ වෙතත් ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා රෝගය හේතුවෙන් එම තරගාවලිය පැවැත්වීමට නොහැකි වෙතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කළද බංග්ලාදේශය එම තරගය කල් නොදමන බවට ප‍්‍රකාශ කර සිටී. මෙම තරගයට සහභාගි වීමට නියමිත තිසර පෙරේරා සහ ලසිත් මාලිංගට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තරග නොතිබුණහොත් පමණක් සහභාගි වීමේ අවස්ථාව ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පවසයි. එහෙත් කොරෝනා වසංගතය අනූව දැන්ම එම තරගයට ඔවුන්ගේ සහභාගීත්වයද ස්ථිර කළ නොහැකි බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානියකු ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය.
 
 බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිසාමුදීන් චෞද්රි ඊයේ (09 දා* විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර සිටියේ කෙසේ හෝ මෙම තරගාවලිය පැවැත්වීමේ උත්සහය අතහැර නැති බවත්ය. ‘‘ලෝක කණ්ඩායම සහ ආසියානු කණ්ඩායම අතර විස්සයි විස්ස තරග දෙක පැවැත්වීමට අප තවමත් සැලසුම් කර තිබෙනවා. ජාතියේ පියාගේ ජන්ම සංවත්සරය සැමරිම සම්බන්ධයෙන් අප සතුව තිබු සැලසුම් කල් දැමීමට සිදුවු බව ඇත්ත. නමුත් ඒ සියලූ දේවල් මුළුමනින්ම බැහැර කරලා නැහැ. කොරෝනා තත්ත්වය සලකා බලා අපි නිසැක වශයෙන්ම ඒ තරග ක‍්‍රියාත්මක කරනවා. ’’ යැයි චෞද්රි වැඩිදුරටත් පවසයි.
 
 බංග්ලාදේශ කි‍්‍රකට් ආයතනය කොරෝනාවට මුවාවී හෙට සිට පන්දුවාර පනහේ එක්දින තරගාවලියක් කණ්ඩායම් තුනක සහභාගීත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ සඳහා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩකයන්ද
 
 සහභාගී වේ. මීට අමතරව ලෝක කණ්ඩායම සහ ආසියානු කණ්ඩායම අතර තරගයට පෙර බටහිර ඉන්දීය කොදෙව්වන්ද එහි සංචාරය කිරීමට නියමිතය.
 
 ලෝක කණ්ඩායමේ නායකත්වය දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩක ෆෆ් ඩූ ප්ලෙසිස් විසින් දරන අතර ආසියානු කණ්ඩායමේ නායත්වය ඉන්දියානු නායක විරාට් කෝලි විසින් දරනු ලබයි.
 
 ආසියානු කණ්ඩායම
 
 ලොකේෂ් රාහුල්, ෂිකර් ධවාන්, විරාට් කෝලි, රිෂාබ් පාන්ට්, කුල්දීප් යදව්, මොහොමඞ් ෂාමි, තිසර පෙරේරා, ලසිත් මාලිංග, රෂීඞ් ඛාන්, මුජීබ් රහමාන්, ටමීම් ඉක්බාල්, මුෂ්ෆිකර් රහීම්, ලිටන් ඩෑෂ්, සන්දීප් ලැමිච්චනි
 
 ලෝක කණ්ඩායම
 
 ඇලෙක්ස් හේල්ස්, ක‍්‍රිස් ගේල්, ෆෆ් ඩූ ප්ලෙසිස්, නිකොලොස් පූරන්, බ්‍රෙන්ඩන් ටේලර්, ජොනි බෙයාස්ටෝ, කිරන් පොලාර්ඞ්, අදිල් රෂීඞ්, ෂෙල්ඩන් කොට්ට‍්‍රල්, ලූන්ගි නිගිඩි, ඇන්ඩෘ ටයි, මිචෙල් මැක්ලෙගන්,

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments