26.2 C
Sri Lanka
Saturday, August 9, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකාවේ පසුගිය වසර 20 ඇතුළත මුඛ ශ්ලේෂ්මල ෆයිබ්රොකසියා රෝගීන් 9 ගුණයකින්...

ශ්‍රී ලංකාවේ පසුගිය වසර 20 ඇතුළත මුඛ ශ්ලේෂ්මල ෆයිබ්රොකසියා රෝගීන් 9 ගුණයකින් වැඩිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන ඒකකය සඳහන් කරයි. පුවක් භාවිතය මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී තිබේ.


ජාතික පිළිකා මර්දන ඒකකය පෙන්වාදෙන ආකාරයට අනාදිමත් කාලයක සිට දකුණු ගිනිකොනදිග ආසියාව සහ පැසිපික් කලාපවල පුවක් භාවිතාකර ඇත. ලෝකය පුරා පුවක් හෝ ඒ ආශ්රිිත නිෂ්පාදන භාවිතා කරන්නසන් මිලියන 600ක් පමණ ජීවත්වේ. 2004 වර්ෂයේදී ලෝක සෞඛ්යා සංවිධානය පුවක් පිළිකා කාරකයක් බවට ප්ර්කාශයට පත්කර ඇත. පුවක් ආශ්රිුත නිෂ්පාදන දීර්ඝ කාලීනව භාවිතා කිරීමෙන් මුඛ පටක ආපසු හැසිරවිය නොහැකි පරිදි වෙනස්වීමකට භාජනය වන අතර එය මුඛ ශ්ලේෂ්මල ෆයිබ්රො සියා ලෙස හැඳින්වේ.
දුම්කොල සහ මද්යිසාර පිළිබඳ ජාතික අධිකාරියේ වර්ෂ 2006 අංක 27 දරණ පනතට අනුව සියලුම දුම්කොල නිෂ්පාදන අඩංගු පුවක් නිෂ්පාදන ආනයනය, නිෂ්පාදනය, විකිණීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීම තහනම්කර ඇත.
සියලුම සපන පුවක් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පිළිකාකාරක වන බැවින් එම නිෂ්පාදන භාවිතය ආරම්භ කිරීමෙන් වළකින ලෙසත් පුවත් ආශ්‍රි නිෂ්පාදන භාවිතා කර ඇත්නම් හෝ දැනටමත් භාවිතා කරන්නේනම් නොපමාව වෛද්යුවරයෙකු ලවා සායනික මුඛ පරීක්ෂාවක් සිදුකර ගන්නා ලෙසත් ජාතික පිළිකා මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මුඛ පිළිකා පිරිමි පුද්ගලයන් අතර බහුල වන අතර කාන්තාවන් අතර බහුලතම පිළිකාවන් 10 අතරට එය අයත් වේ. 2019 වර්ෂයේදී නව මුඛ පිළීකා රෝගීන් 2700 ක් පමණ වාර්තාවී ඇත. දිනකට මුඛ පිළිකා ආශ්රිිත මරණ 2-3 ක් පමණ සිදු වන අතර මෙය මරණ අනුපාතිකය වැඩි පිළිකා වර්ගයක් ලෙස හැඳින්විය හැකිය. දැනට වාර්තාවී ඇති රෝගීන්ගෙන් සියයට 60ක් පමණ පසු අවදියේ ( III හා IV අවධිවල) පසු වන අතර අවසන් අවධියේ පිළිකාවලට ප්‍රතිකාර කිරීමෙන් පසුව ජීවත්වීමේ හැකියාව අඩුවන බව ජාතික පිළිකා මර්දන ඒකකය පෙන්වාදෙයි.
මුල් අවස්ථා‍වේ හඳුනාගැනීමෙන් ප්රකතිකාර කිරීම මඟින් රෝගය උත්සන්න වීම වලක්වාගත හැකිය. පසුඅවධිවලදී මුඛ පටකවල වෙනස්වීම් යථා තත්ත්වයට පත් කළ නොහැකි නිසා ජීවිත කාලය පුරාම ආහාර අනුභවය, ගිලීම සහ කථනය වැනි එදිනෙදා ක්‍රියාකාරකම් සීමා වේ. මුඛය තුළ පවත්නා දැවිල්ල, මිරිස් සහිත ආහාර ගැනීමට අපහසුවීම, මුඛ ශ්ලේෂමලයේ දැක්නට ලැබෙන සුදුමැලි ස්වභාවය සහ තොල්වල දක්නට ලැබෙන සුදුමැලි ස්වභාවය මුඛ පිළිකාවක මූලික රෝග ලක්ෂණ වේ. මෙවැනි ලක්ෂණ ඇතිවුහොත් ඕනෑම දන්ත ශල්යාාගාරයින් කලින් හඳුනාගැනීම සිදුකර ගැනීමට හැකියාව ලැබේ. මේ සඳහා වැඩිදුර ප්‍රතිකාර මූලික රෝහල් දිස්ත්‍රික් මහ රෝහල්, පළාත් මහ රෝහල් සහ ශික්ෂණ රෝහලවල ස්ථාපිත මුඛ හනුක හා වක්ත්‍ර ඒකක මඟින් ලබාගත හැකි බව ද ජාතික පිළිකා මර්දන ඒකකය පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments