27.9 C
Sri Lanka
Saturday, August 9, 2025
Homeදේශීය පුවත්ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (27) දිනයේ පැවැත්වීමට...

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (27) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

ගුරු වැටුප් විෂමතාව මුල්කර ගනිමින් සියලු ගුරුවරුන් මේ වනවිට ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවී සිටී.

කෙසේවෙතත් මෙම වැටුප් විෂමතාවය සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

මේ අතර අද දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අදහස් පළ කරමින් සඳහන් කළේ,

“අගමැති කාර්යාලයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගන්න. පිළිගත හැකි විසඳුමක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙනවා. එහෙම නැතිවුණොත් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩය යයි.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments