පසුගිය වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ 32 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊයේ(ජුලි 23) ජපානයේ ටෝකියෝ නුවරදී උත්සවාකාරයෙන් ආරම්භ වුණා.
පවතින කොරොන තත්ත්වය හේතුවෙන් පමා වී ආරම්භ වූ මෙවර ඔලිම්පික් උත්සවය, ඔලිම්පික් ඉතිහාසය තුළ එලෙස නියමිත වසරට වඩා පමාවී පවත්වන ප්‍රථම ඔලිම්පික් උළෙල වනවා.
” Moving forward – ඉදිරියට ගමන් කිරීම ” මෙවර ඔලිම්පික් උළෙලේ තේමාවයි.
ඉතා ආකර්ශනීය ලෙසත් වර්ණවත් ලෙසත් පැවැත්වූ සමාරම්භක උත්සවය හිස් ප්‍රේක්ෂකාගාරයකින් සමන්විත වුණා.
අන්තර් ජාතික ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බාක් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි ක්‍රීඩා සැණකෙළියේදී කොවිඩ් 19 වසංගතය ඇතුළු විවිධ ව්‍යසන හේතුවෙන් ලොවෙන් සමුගත් පිරිසට උපහාර දැක්වීමක්ද සිදුවුණා.
මෙවර ඔලිම්පික් උළෙල සඳහා රටවල් 207 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකොළොස් දහසකට අධික පිරිසක් සහභාගී වනවා.
ඊට ශ්‍රී ලංකාවෙන් එක්වන කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙක් ඇතුළත් වනවා.
ඊයේ ඇරඹි ඔලිම්පික් ක්‍රීඩා සැණකෙලිය අගෝස්තු 8 වැනිදා දා දක්වා පැවැත්වීමට නියමිතයි.