29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ලෝකයේ මෙතෙක් හමුව විශාලතම මැණික රත්නපුරයෙන් හමුවේ.

ලෝකයේ මෙතෙක් හමුව විශාලතම මැණික රත්නපුරයෙන් හමුවේ.

ලෝකයේ මෙතෙක් හමු වූ විශාලතම නිල් මැණික ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් හමු වී තිබේ. කැරට් 1404.49ක් බර එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 100 ද ඉක්මවන බව එය පරීක්ෂා කළ විදේශීය මැණික් විශේෂඥයෝ ප්‍රකාශකර ඇත.

මේ විශාල නිල් මැණික ‘ආදම් ගේ තාරකාව’ යනුවෙන් නම් තබා තිබෙන අතර එය අමෙරිකානු ඩොලර් මිලියන 175 ක් වැනි මිලකට වෙන්දේසියේ විකිණිය හැකි බව වාර්තා වෙයි. නිල් මැණික් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයනයක් වන අතර ඒවා අලෙවියෙන් වාර්ෂිකව අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 103 ක පමණ ආදායමක් උපයා ගනී.

2015 වසර අග දී රත්නපුර හා හැටන් අතර ප්‍රදේශයක දී හමු වූ මේ නිල් මැණිකේ වර්තමාන අයිතිකරු එය මිල දී ගෙන ඇත්තේ ද ඉතා විශාල මිලකට වන අතර මැණික විකිණූ පුද්ගලයා හෝ තමා මෙය ලෝකයේ විශාලම නිල් මැණික බව නොසිතූ බවට වර්තමාන අයිතිකරු ප්‍රකාශකර ඇත.

කිසිවකුටත් මේ මැණික විකුණන්නට මේ මොහොතේ තමන් අදහස් නොකරන බව ප්‍රකාශ කර තිබෙන මැණිකේ අයිතිකරු මුලින්ම එය ලොව මැණික්කරුවන්ට ප්‍රදර්ශනය කළ යුතු බවද පවසයි.

ඊළඟට විශාලතම නිල් මැණික ඇත්තේ ද ශ්‍රී ලංකාවේ ය. ඒ ගුරුගේ සහෝදරයන් සතු වන අතර එහි බර කැරට් 1,395කි. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments