කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් අද (ජූලි 27) දිනයේදි එන්නත්කරණ වැඩසටහන් සඳහා තම දායකත්වය ලබා දුන්හ.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කල ඉල්ලීමකට අනූව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භටපිරිස් විසින් මේ සදහා දායකත්වය ලබා දෙති.
අද දින (ජූලි 27) මෝදර අලුත්මාවත රෙඩ්බානා වත්ත බෙහෙත් ශාලාවේ පිහිටි යුද්ධ හමුදා ප්‍රජා එන්නතකරණ මධ්‍යස්ථානයේදී බස්නාහිර පලාත තුල පදිංචි වසය අවුරුදු 30 වැඩි පුද්ගලයින් හට මෙම එන්නතකරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
මෙම එන්නත් එන්නතකරණ වැඩසටහනේදී ලබාගත් ඡායාරූප මේ සමග ඉදිරිපත් කරනු ලබන අතර, මෙය ඔබගේ පුවත්පතේ සහ වෙබ් අඩවියේ පළකිරීම සඳහා කාරුණිකව ඉදිරිපත් කරනු ලැබේ.