29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කළුතර බණ්ඩාරගමින් රුපියල් කෝටි හතළියක් වටිනා හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝ හතළියකට අසන්න...

කළුතර බණ්ඩාරගමින් රුපියල් කෝටි හතළියක් වටිනා හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝ හතළියකට අසන්න ප්‍රමාණයක් පොලිසිය සොයාගනී.

කළුතර දිසා අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත බණ්ඩාරගම රේනුකාන ප්‍රදේශයේ විශේෂ වැටලීමක් අද(30) අලුයම සිදුකොට හෙරොයින් වර්ගයේ මතුකුඩු වර්ගයේ කිලෝග්‍රෑම් හතළියකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සමගම මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවෙනවා. මේ වැටලීම සම්බන්ධයෙන් කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මේ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමන් පසු සිදුකළ විමර්ශනයේදී අනාවරණයවී තිබෙන්නේ දැනට ශ්‍රී ලංකාවෙන් පළාගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවයි. මේ සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ කොට්ඨාසය,කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා. මෙම මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි හතළියක් බවයි වාර්තාවෙන්නේ. වැඩිදුර විමර්ශන සිදුකිරිමෙන් අනතුරව වැඩිවිස්තර ලබාදීමට නියමිතව තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments