විශේෂ කාර්ය බලකාය ඉකුත්
දිනවලදි සිදුකළ මෙහෙයුම්වලදී
නීතිවිරෝධි මත්පැන්, දුම්වැටි,
වෙනත් භාණ්ඩ හා වැලි පැටවු
පුද්ගලයින් එම උපකරණ වාහන
සමග අත් අඩංගුවට ගැනීමට හැකිවි
තිබේ.
වැලිවේරිය ප්‍රදේශයේ සිදුකළ
මෙහෙයුමකදී
manchester වර්ගයේ
දුම්වැටි තොගයක් පුද්ගලයකු සමග
අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම
මොරටුව,මොරටුවැල්ල ප්‍රදේශයේ
සිදුකළ මෙහෙයුමකදී හෙරෝයින්
මිලිග්‍රෑම්1.430ක් සන්තකයේ
තබාගත් අයකුද අත් අඩංගුවට
ගෙන ඇත.
අම්බලන්ගොඩ කඳවුරේ නිලධාරීන්
සිදුකළ හම්බන්තොට වරාය
පොලිස් වසමේ සිදුකළ
මෙහෙයුමකදී ගොයම්කොළමුල්ල
ප්‍රදේශයේදී කේරළ ගංජා මිලිග්‍රෑම්
2,850ක් ළඟතබා ගත් අයකු
අත්අඩංගුවට ගෙන තිබේ.
ගෝනහේන කඳවුරේ නිලධාරින්
තමන් ලැබුණු තොරතුරකට අනුව
මිනුවන්ගොඩ පොලිස් වසමේපරණ
පාරේ කොටුගොඩ ප්‍රදේශයේ
සිදුකළ වැටලීමකදී නීතිවිරෝධි
මත්පැන් මිලි ලීටර් 37,500ක්ද
මුලිතිව් කඳවුරේ නිලධාරින්
පුදුකුඩිඉරප්පු පොලිස් වසමේ
කල්අඩි,පෙරාරු ඇල ප්‍රදේශයේ
සිදුකළ වැටලීමකදී නීතිවිරෝධි
මත්පැන් මිලි ලීටර්
60,000ක්,දැවිගෝඩා මිලි ලීටර්
223,000 තඹ දඟර තුනයි, යකඩ
බැරල් තුනක් අත් අඩංගුවට ගෙන
ඇත.
කහවත්ත කඳවුරේ නිලධාරීන් එම
පොලිස වසමේ යායින්න මාවත,
පල්ල ප්‍රදේශයේ වැටලීමකදී නීති
විරෝධි මත්පැන් මිලි ලීටර්
33,750ක්, ගෝඩා
ලීටර්131,250ක්,
යකඩබැරල්එකයි,ගෑස්ලිප් එකයි,
ගෑස් සිලින්ඩර් එකයි,තඹ දඟර
එකයි. මීට අමතරව මුලතිව්
කඳවුරේ නිලධාරින් පුදුකුඩිඉරිප්පු
පොලිස් වසමේ කල්අඩි,පේරාරු
ඇල ප්‍රදේශයේ නීති විරෝධි
මත්පැන් මිලි ලීටර් 40,000ක්,
දැවිගෝඩා මිලි ලීටර්
140,000ක්,තඹ දඟර දෙකක්, යකඩ
බැරල් දෙකක් සමග පුද්ගලයකු
අත්අඩංගුවට ගෙන ඇත.
තණමල්විල පොලිස් වසමේ
සූරියආර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ජංගම ඉරුම් පට්ටලයක් ආධාරයෙන් තේක්ක දැව ඉරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මෙහි වැඩිදුර පරීක්ෂණ සහා හදපානාගල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත. මෙහිදි අත් ට්‍රැක්ටරයක්,ජංගම ඉරුම්පට්ටලයක්, විවිධ ප්‍රමාණයේ ඉරන ලද තේක්ක දැව කැබිලි අටක් අත්අඩංගුවට ගෙනතිබේ.
මීට අමතරව නීති විරෝධි ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයකු, ට්‍රැක්රථයක්, වැලිකියුබ් පුරවන ලද ටේලර් ,