25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්බලය අරමුණු කරගත් දේශපාලන වැඩපිළිවෙළකට අපි සූදානම්. ජාතික ජන බලවේගය අනුර...

බලය අරමුණු කරගත් දේශපාලන වැඩපිළිවෙළකට අපි සූදානම්. ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක

වර්තමාන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමත්, පාර්ලිමේන්තු මැතිවරණයේදී 2/3කට ආසන්න බලයක් ලබාදීමත්, තුළ සැඟවී තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තුළ ගොඩනැගී තිබුණු විශ්වාසය සහ 2015 – 2019 ආණ්ඩුව ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමත් කියන කරුණු දෙක. මේ කරුණු දෙකම වර්තමාන ආණ්ඩුවට ලැබුණු ඡන්ද ප්‍රතිඵලයේ ගැබ්වෙනවා. හැබැයි බලය අරගෙන අවුරුදු 1 1/2කට වැඩි කාලයක් ගත වෙලා. රට ගොඩනගාවි කියන බලාපොරොත්තුවත් සහිතව ඡන්දය දුන් බොහෝ පිරිසක් අද කළකිරීමට, රැවටීමකට භාජනය වීම නිසා, විරෝධයක් එල්ල වී තිබෙනවා. මෑත කාලයේ ඉතා කෙටිකාලයක් තුළ ජනතා අප්‍රසාදයට සහ විරෝධයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලනය ලක්වී තිබෙනවා
ඔහුගේ පුද්ගලික දුබලතාවයන් රැසක් තිබුණත් මෙය තනිකරම ඔහුගේ පුද්ගලික දුබලතාවයක් නොවේ. දිගු කාලයක් තිස්සේ අනුගමනය කරන ලද ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක්. ජනාධිපතිවරයාගේ කාලය තුළ එය තීව්‍ර කෙරෙනවා පමණයි. මේ විදිහට තවදුරටත් අපේ රටට සහ ජනතාවට අනාගතයක් නැහැ. අපේ රටේ ගැඹුරුතම ආර්ථික අර්බුදය ණය කේන්ද්‍රකර ගත කරමින් නිර්මාණය වී තිබෙනවා. භාණ්ඩාගාරයට ලැබෙන ආදායම් ණය වාරික සහ පොලී ගෙවීමටත් ප්‍රමාණවත් නැහැ. වර්ෂයක් තුළ උපයා ගන්නා ඩොලර් ණය පොලී වාරික ගෙවීමටත් ප්‍රමාණවත් නොවෙන තත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේ නිසා ආණ්ඩුව අධික ලෙස මුදල් මුද්‍රණය කරනවා. වර්තමාන ආණ්ඩුව පාලනය ගත් පසු රුපියල් ටි්‍රලියනයක මුදල් අච්චු ගහල තිබෙනවා. මේ සතියේ එක් දිනකදී බිලියන 200 ඉක්මවූ මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළා. 
අනික් පැත්තෙන් තවදුරටත් චීනය, ඉන්දියාව, බංගලිදේශයෙන් පවා ණය ඉල්ලමින් සිටිනවා. මේ අර්බුදය ඇති කරන ලද ණය පාරේම තවදුරටත් ගමන් කරමින් සිටිනවා. ඊට අමරතව ජාතික දේපළ විකිණීම ආණ්ඩුවේ තුන්වෙනි විසඳුම බවට පත්කරගෙන තිබෙනවා. කෙරවලපිටිය බලාගාරය, වරාය භූමියේ අක්කර 13කට ආසන්න ප්‍රමාණයක් චීන සමාගමකට ලබාදීම, සෙලෙන්දිවා ආයතනය ගොඩනගලා අපේ රටේ වාණිජ සහ පෞරාණික වටිනාකම්වලින් ඉහළම ගොඩනැගිලි සහ ඉඩම් විකිණීමට සූදානම් වෙනවා. ඔවුන් අර්බුදය විසඳීමේ මාවත බවට පත්කරගෙන තිබෙන්නේ ණය ගැනීම, විකිණීම සහ මුදල් අච්චු ගැසීමයි. මේ මාර්ගය ඉතා කෙටි කාලයකින් නැවත අර්බුදය තීව්‍ර කරනවා. ජනතාව මුහුණ දෙමින් සිටින ආර්ථික ගැටලුවලට නිවැරදි උපාය මාර්ග ඔවුන්ට නොමැති බව, පැරණි යළ්පීනූ අසාර්ථක ගමන් මාර්ගයේම ගෝඨාභය රාජපක්ෂලා වේගයෙන් ගමන් කරමින් සිටිනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments