29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දුම්රිය හා බස්වල පැමිණිය හැක්කේ රාජකාරී කටයුතු සඳහා පමණයි.

දුම්රිය හා බස්වල පැමිණිය හැක්කේ රාජකාරී කටයුතු සඳහා පමණයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැනවූ අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බැවින් රාජකාරි කටයුතු සඳහා පමණක් අන්තර් පළාත් බස්රථ හා දුම්රිය සේවා භාවිත කරන්නැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ, සභාපති, කිංස්ලි රණවක මහතා පවසා සිටියේ, “සේවය සඳහා පැමිණෙන අයට කිසිදු ගැටලුවක් නොමැතිව අපි බස්රථ ලබාදෙනවා.” යනුවෙනි.

එසේ නොමැති අයව පළාත් හුවමාරු ස්ථානයන්හීදි පොලිසිය විසින් නවත්වා ගනු ඇතැයි ද ඒ මහතා පැවසීය.

හෙට (02) සිට සාමාන්‍ය පරිදි සියලුම රාජ්‍ය සේවකයින් යළි සේවයට කැඳවීමට රජය තීරණය කර ඇති අතර නිවසේ සිට රාජකාරි කිරීම හා සීමිත කාර්ය මණ්ඩල ක්‍රමයට අදාළ සියලු චක්‍රලේඛ අදින් අවලංගු කෙරේ. මීට සමගාමීව අන්තර් පළාත් බස්රථ සේවා අද සිට ආරම්භවිය.

ඒ අනුව අන්තර් පළාත් මගී ප්‍රවාහනය වෙනුවෙන් දුම්රිය 15ක් හෙට උදෑසන සිට ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 සඳුදා සිට ධාවනය වන දුම්රිය –

මහනුවර සිට දුම්රිය – 02
පොල්ගහවෙල සිට දුම්රිය – 0මහව සිට දුම්රිය – 01
හලාවත සිට දුම්රිය – 01
බෙලිඅත්ත සිට දුම්රිය -01
ගාල්ල සිට දුම්රිය – 01

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments