29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පාර්ලිමේන්තු මන්ත්‍රීගේ නිවසේදි තවත් කාන්තාවක් දූෂණයට ලක්වී ඇතිවි බවට කරුණු අනාවරණයවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීගේ නිවසේදි තවත් කාන්තාවක් දූෂණයට ලක්වී ඇතිවි බවට කරුණු අනාවරණයවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ නිවසේ සිටි දහසය හැවිරිදි දැරියක් පිළිස්සි මියෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

විශේෂයෙන් පරිවේෂණීය පරීක්ෂණවලින් අනාවරණයවු යම් යම් කරුණු අනුව පුදගල සාක්ෂි සටහන් කිරීම තවදුරටත් සිදුවෙනවා. විශේෂ ත්‍රීපුද්ගල වෛද්‍ය මණ්ඬලය විසින් සිදුකරනු ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමට නියමිතව තිබෙනවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් පරිවේෂණීය සාක්ෂිවලට අනුව දුරකතන දත්ත විශ්ලේෂන වාර්තා ඒ වගේම අනෙකුත් තාක්ෂණික සාක්ෂි සම්බන්ධයෙන් පැහැදිලි කරගැනීම සඳහා ප්‍රකාශ සටහන් කරනවා. ඊයේ දිනයේත් ප්‍රකාශ දෙකක් සටහන් දෙකක් සටහන් කරගනු ලැබුවා. මියගිය දැරිය සමග 2009වසරේ මේ දක්වා කාලය තුල ඩයගම ප්‍රදේශයෙන් අදාල තැරැව්කරු විසින් රැගෙන එන ලද කාන්තාවන් 11දෙනකු සිටි බවට වාර්තාවෙනවා. ඉන් තිදෙනකු මෙවර මිය ගිය කාන්තාව සමග මියගොස් තිබෙනවා.

එයින් මෙවර මියගිය දැරිය අනෙක් කාන්තාව පිළිකා රෝගයකින් මියගොස් තිබෙනවා. තවත් තැනැත්තියක් මේ නිවසෙන් පිටවි ගියාට පස්සේ මියගොස් තිබෙනවා. ඊට අමතරව අනෙකුත් කාන්තා අටදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඊයේ දිනය වනවිට අවසන් ප්‍රකාශයත් සටහන් කළා. මෙහිදි එක් කාන්තාවක් පැවසුවේ ඇයත් මේ නිවසේ දූෂණයට ලක්වු බවයි. මෙයත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා එය කර තිබෙන බවයි එම කාන්තාව පවසා ඇත්තේ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ කාන්තාවද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර තිබෙනවා. ඒ කාන්තාව 2009-2010 කාලය තුල සේවය කර තිබෙනව බව පැවසෙනවා. ඉන්පසු ඩයගම ප්‍රදේශයට ගොස් යළි කැලණිය ප්‍රදේශයට ගොස් නිවසක සේවයේ යෙදි සිටින බව පැවසෙනවා. මේ පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුවෙනවා.
මීට අදාලව පරිවේෂණීය පරීක්ෂණ පැවැත්වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීගේ බිරිඳගේ සහෝදරයාගෙන් මේ ගැන කරුණු වාර්තා කිරීමෙන් පසු නඩුවට ඇතුළත් කර ගැනීමට නියමිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments