දැන් ලෝකයේ එන්නත් නිෂ්පාදනය කරන රටවල්වලට වඩා හොඳින් අපේ රටේ එන්නත්කරණ වැඩපිළිවෙල කරගෙන යනවා කියලා WHO සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. ලංකාව සැප්තැම්බර් මාසයේ එන්නත්කරණය පිළබඳව එලබෙන්නට ඕන ඉලක්ක මේ වනකොටත් සපුරාගෙන අවසන් රටක් බවට සහතික ලබාදී තිබෙනවා. WHO සංවිධානය තුන්වැනි වතාවටත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය කොරෝනා වසංගතය කළමනාකරණයෙහිලා කරන කටයුතු පිළිබඳව යම් යහපත් නිර්දේශ ලබාදී තිබෙනවා. අපේ රටේ කොරෝනා වසංගත තත්වය පාලනය කරන ගමන් සංවර්ධන කටයුතු ද සිදු කරගෙන යනවා.
අපි ගුරුවරුන්ට ආරෙයි. මේ ගුරුවරුන්ගේ ප්‍රශ්නය අවුරුදු 24 ක කාලයක සිට තිබෙන්නේ. මේ ගුරුවරුන්ගේ විසඳන්න ඕන ප්‍රශ්නය අද තුට්ටු දෙකට දාන තත්වයට පත් කරලා තිබෙන්නේ මේ දේශපාලන හේතු මතයි.මේ වගේ පටු දේශපාලන පරමාර්ථ අනුව ගුරවරු පාරට බස්වලා තිබෙන්නේ ස්ටාලින්ලා. ඊයේත් කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර වේලාවේ මේ සඳහා විසඳුමක් ලබාදිය යුතුයි කියන තීන්දුවට පැමිණියා. මේ කොරෝනා වසංගතයත් එක්ක තවදුරටත් දරුවන්ගේ අනාගතය මේ විදිහට අනතුරේ හෙලනවාද? මේ දරුවන්ගේ අනාගතය සමූල ඝාතනය කරනවාද? ඒ නිසා අපි පැහැදිලිව කියනවා ගුරුවරුන්ගේ ප්‍රශ්නය සාධාරණ ප්‍රශ්නයක්. ඒකට විසඳුමක් දෙන්න ඕන. ඒ සඳහා ප්‍රායෝගික විසඳුමක් දෙන්න ආණ්ඩුව කල්පනා කර තිබෙනවා. ඒ සඳහා අරගල කරන සුදුසු අවස්ථාව මෙය නොවේ. විරුද්ධ පක්ෂයට ආයාචනය කරනවා මේ අවස්ථාවේ බොරදියේ මාලු බෑමක් නොකරන ලෙස.මුලින් ජනතාව ජිවත් කරලා මේ කොරෝනා වසංගත තත්වයෙන් ජනතාව මුදවා ගෙන, අපි ඊටපසු දේශපාලනය කරමු කියලා විරුද්ධ පක්ෂය කියනවා.
මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී