26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedඅතරමැදියන් විසින් වී තොග රැස් කළහොත් ඒවා රජයට පවරා ගැනීමට ක්‍රියා කරන...

අතරමැදියන් විසින් වී තොග රැස් කළහොත් ඒවා රජයට පවරා ගැනීමට ක්‍රියා කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (04) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි
මෙරට වෙළෙඳපොල තුළ සහල් මිළ අත්තනෝමතිකව ඉහළ දැමීමේ ක්‍රියා පිළිවෙත සම්පූර්ණයෙන්ම නැවැත්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජය ගන්නා ලද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ඇමැතිවරයා මෙසේ අදහස් දැක්වීය…….සහල් මිළ දිනෙන් දින ඉහළ දමමින් සිදු කරන ලද අත්තනෝමතික ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පාලනය කිරිම සඳහා ජනාධිපති කැබිනට් මණ්ඬලයත් එක්ව ඍජු තීන්දු තීරණ රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ අනුව වී සඳහා සාධාරණ සහතික මිළක් සහ වෙළෙඳපොල තුළ සහල් අළෙවිය සඳහා සහතික මිළක් නියම කරමින් ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා කිරිමට කටයුතු කරනු ලැබුවා. යහපාලන ආණ්ඩු සමයේදී වි සඳහා සාධාරණ මිළක් නොමැති වීම හේතුවෙන් මේ ගොවීන් සියදිවි හානි කරගන්නා තත්වයට පත් වී තිබුණා. නමුත් වත්මන් රජය බලයට පත් වීමත් සමඟ ගොවියා ආරක්ෂා කිරීමටත් එමෙන්ම පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීමටත් කටයුතු සියල්ලම සිදු කර තිබෙනවා. මේ හේතුවෙන්වෙළෙඳපොල තුළ සහල් මිළ වැඩි කිරීමේ අරමුණින්, වී සඳහා සහතික මිළට වඩා වැඩිපුර ගෙවීම් කරමින් සහල් මිළට ගැනීමට කුමන පාර්ශ්වයක් කටයුතු කළත්, මෙරට වෙළෙඳපොල තුළ සහතික මිළට වඩා වැඩි මිළට කිසිසේත්ම සහල් අලෙවි කිරීමට අපි ඉඩ දෙන්නේ නෑ. ඒ වගේම වී ගොවීන් හා සහල් මෝල් හිමියන් හැරුණු කොට වෙනයම් තුන්වන පාර්ශ්වයක් විසින් වී හෝ සහල් රැස් කර ගබඩා කර පවත්වා ගැනීමට කටයුතු කළහොත්, එම තොග රාජසන්තක කරගැනීම සඳහා අවශ ආකාරයට පාරිභෝගික ආරක්ෂණ පනතේ වගන්ති සංශෝධනය කරනු ලබනවා. සහතික මිළට වී මිළ දී ගැනීමට වී මෝල් හිමියන් කටයුතු නොකරන්නේ නම්, සමස්ත තොගයම මිළට ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්ව සිටිනවා. එමෙන්ම නිදහසින් පසු ශ්රීණ ලංකාවේ කිසිදු ආණ්ඩුවක් විසින් සහල් ආනයනය තහනම් කළේ නෑ. වත්මන් රජය විසින්, මෙරට නිෂ්පාදනය කළ හැකි දේ ආනයනය කිරීම තහනම් කිරීමත් සමඟ සහල් සම්බන්ධයෙන් මෙරට ඇති වූ මෙම ජාවාරම්කාර වෙළෙඳපොල හේතුවෙන්, පාරිභෝගිකයාට වගකියන වෙළෙඳ අමාත්‍යවරයෙකු වශයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කර ආරක්ෂිත තොගය වශයෙන් පවත්වා ගැනීමට කටයුතු කළා. එමෙන්ම ගොවීන්, වී අලෙවි මණ්ඩලය හා සහල් මෝල් හිමියන් නොවන පිරිස විසින් වී තොග රැස් කිරීම කිසිදු හෙයකින් නොකළ යුතුයි.

යම් හෙයකින් කිනම් හෝ අයකු විසින් මෙම නීති රීති අභිබවමින් කටයුතු කරනු ලැබුවහොත් එම වී තොගය රාජසන්තක කිරීම අනිවාර්යෙන්ම සිදු කරනු ලබන බවමෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments