21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්යුනිලිවර් ශ්‍රී ලංකා සමඟ හෝර්ලික්ස් සහ වීවා නව ගමනක් අරඹයි

යුනිලිවර් ශ්‍රී ලංකා සමඟ හෝර්ලික්ස් සහ වීවා නව ගමනක් අරඹයි

ශ්‍රී ලංකාවේ විශාලතම සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සිය ආහාරපාන නිෂ්පාදන එකතුවට හෝර්ලික්ස් සහ වීවා යන අද්විතීය වෙළෙඳනාමයන් එක් කොට ගනිමින් පෝෂණීය ආහාරමය පානයන් වෙත යොමු වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. එම නිවේදනය හින්දුස්ථාන් යුනිලිවර් ලිමිටඩ් සහ ග්ලැස්කෝස්මිත්ක්ලින් හෙල්ත්කෙයාර් ලිමිටඩ් අතර ඇති කරගනු ලැබූ වෙළෙඳ ගනුදෙනුවක සාර්ථක ප්‍රතිඵලයක් ලෙස සඳහන් කළ හැකිය. මේ නිවේදනයත් සමග හෝර්ලික්ස් සහ වීවා නිෂ්පාදනයන්හි අලෙවි සහ බෙදාහැරීමේ හිමිකාරීත්වය යුනිලිවර් සමාගම විසින් හිමි කරගනු ලැබීය.


හෝර්ලික්ස් සහ වීවා නිෂ්පාදනයන් සිය සුවිශේෂී සන්නාම අතරට එක් කර ගැනීම තුළින් ශ්‍රී ලාංකිකයන් හට ගුණාත්මක, පෝෂ්‍යදායී ආහාරපාන සැපයීමේ යුනිලිවර්හි කැපවීම තව දුරටත් සනාථ කරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments