21.9 C
Sri Lanka
Wednesday, July 2, 2025
HomeTOPනීති විරෝධි ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ...

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකරුවකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු මස 07 වන දින ත්‍රිකුණාමලය මූතූර් ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.

පුපුරණ ද්‍රව්‍ය යොදා නීති වි‍රෝධී ලෙස මසුන් ඇල්ලීම මගින් සාගරයේ ජෛව විවිධත්වයට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, නැගෙනහිර නාවික විධානය මඟින් මූතූර් පොලීසිය හා එක්ව 2021 අගෝස්තු මස 07 වන දින ත්‍රිකුණාමලය මූතූර් ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා වාණිජ පුපුරණ ද්‍රව්‍යක් වන වෝටර් ජෙල් කූරු 07ක්, විදුලි නොවන ඩෙටනේටර් 03ක් සහ මීටර 03ක දිගින් යුත් සේවා නූල් 03ක් සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 38ක් වන කට්ටපරිච්චාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනාගන්නා ලද අතර, අදාල සැකකරු සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු මූතූර් පොලීසිය මඟින් සිදු කරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments