29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPනීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද තවත් කහ තොගයක් මන්නාරම ප්‍රදේශයෙන් සොයාගැනේ.

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද තවත් කහ තොගයක් මන්නාරම ප්‍රදේශයෙන් සොයාගැනේ.

54 වන සේනාංකයේ බුද්ධ අංශ භටපිරිස් 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ එක්ව පසුගිය සෙනසුරාදා (07) දින අළුයම මන්නාරම ප්‍රදේශයේදී නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද කහ කිලෝ ග්‍රෑම් 390 ක් සොයාගැනීමට සමත්විය.

තොරතුරු සැලවීමත් සමඟ 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ ක්‍ෂණීක ප්‍රහාරක කණ්ඩායම කඩිනමින් එම ස්ථානයට පැමිණ ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන මෙම කහ තොගය අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගත් කහ තොගයේ වෙළඳපොල වටිනාකම රුපියල් මිලියන 2.34 ක් පමණ වේ. මේ සමඟ සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර අදාළ කහ තොගය වැඩිදුර පරික්‍ෂණ සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදෙන ලදී. සිද්ධියට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මන්නාරම පොලීසිය මේ වනවිට පරික්‍ෂණ ආරම්භ කර ඇත.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ ආරක්‍ෂක සේනා ආඥාපති – වන්නි විසින් ලබාදුන් උපදෙස් පරිදි මන්නාරම දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා 54 වන සේනාංකයේ භටපිරිස් කාර්යක්‍ෂමව කටයුතු කරනු ලබයි. ඒ අනුව, ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධී ලෙස ගෙනඑනු ලබන කේරළ ගංජා සහ කහ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරමින් භටපිරිස් වැටලීම් සිදුකරති. 54 වන සේනාංකයේ වත්මන් සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ පසුගිය වසරේ ජුනි මාසයේ සිට මේ දක්වා රුපියල් මිලියන 245 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා, කහ අත්අඩංගුවට ගෙන ඇති අතර නීතිවිරෝධී වැලි කැණීම් කටයුතු ද යුද්ධ හමුදා භටපිරිස් විසින් වටලනු ලැබූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments